සාමාන්‍ය සමාජ මාධ්‍ය ක්‍රමවේදය අභියෝගයට ලක් කරමින් දියත් වන, ඉදිරිගාමී සමාජ මාධ්‍ය platform එකක් වන ZKTOR, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය වෙත සිය සාඩම්බර පැමිණීම සනිටුහන් කරයි. ඒ, ඉන්දියාවේ සහ නේපාලයේ beta පරීක්ෂණ කාලයද සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් අනතුරුවය.

ඩිජිටල් යුගයට පියනගන ශ්‍රී ලාංකිකයින්ගේ දින චරියාවේ අත්‍යවශ්‍ය අංගයක් වන සමාජ මාධ්‍ය වැඩි වැඩියෙන් භාවිත කිරීමෙන්, ජනතාවගේ පෞද්ගලිකත්වය හා ගෞරවය අභියෝගයට ලක්වෙමින් තිබේ. එබැවින් සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයින්ගේ තොරතුරු, වීඩියෝ බාහිර පාර්ශවයන් අතට පත්වීම වළක්වා, ජනතාවට ඩිජිටල් ආරක්ෂාව සැලසීම අත්‍යවශ්‍යම කාරණයක් වී තිබේ. සමාජ මාධ්‍ය සඳහා අත්‍යවශ්‍ය සියලු ආරක්ෂණ ක්‍රමවේද එකම Platform එකක් හරහා ලබාදෙන, ZKTOR, ජනතාවගෙන් ගිලිහෙන දත්ත ආරක්ෂාව හා පෞද්ගලිකත්වය යළිත් ඔවුන්ගේම පාලනයට නතු කරයි. ශ්‍රී ලාංකිකයින් ඩිජිටල් යුගයට සාර්ථකව මුහුණ දෙන මේ වකවානුවේ beta හරහා මෙය හඳුන්වාදීම, මෙරට ඩිජිටල් ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් වෙයි.
ශ්‍රී ලාංකාවට සහ බංග්ලාදේශය වෙත තම ආගමනය එකවර සනිටුහන් කරන මෙම platform එක, ඉන්දියාවේ සහ නේපාලයේ දියත් වන්නේ, එම රටවල සුවිශාල පරිශීලක සංඛ්‍යාවක් අළලා සාර්ථකව භාවිත කිරීමේ beta පර්යේෂණ අදියරද, සාර්ථකව පසුකිරීමෙන් අනතුරුවය.
මෙහි සුවිශේෂීත්වය නම්, සැලසුම් මට්ටමේ පටන් රහස්‍යභාවය සුරකින, ‘Privacy by Design’ මූලික සංකල්පයයි. එය සම්පූර්ණයෙන්ම ‘Zero-Knowledge Server’ තාක්ෂණය මත පදනම් වන බැවින්, server පද්ධතියට පවා පරිශීලක දත්ත කියවීමේ හැකියාවක් නොමැත. පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සඳහා Multi-layer encryption, භූගෝලීය සීමාවන්ට යටත්ව දත්ත භාවිත කිරීම සහ වෙබ් links හුවමාරු කළ නොහැකි, No-URL sharing ආරක්ෂණ ක්‍රමවේද මෙහි ඇතුළත් ය. ඒ හේතුවෙන්, ඡායාරූප සහ වීඩියෝ අනවසරයෙන් ඩවුන්ලෝඩ් කිරීම හෝ අවභාවිත කිරීමට එරෙහිව ආරක්ෂක පලිහක් ලෙසින් මෙය කටයුතු කරයි. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව හා ඉන්දියාව වැනි රටවල සමාජ මාධ්‍ය අවකාශයේ කාන්තාවන් මුහුණ දෙන හිංසනයට එරෙහි ප්‍රායෝගික ආරක්ෂණ යාන්ත්‍රණයක් මේ හරහා ලබාදී තිබේ.
ඉන්දියාවේ සාමාන්‍ය ගොවි පවුලක ඉපිද, ෆින්ලන්තය වැනි නෝර්ඩික් රටක 20 වසරක අත්දැකීම් සහිත සුනිල් කුමාර් සිංහ මෙම ZKTOR සමාජ මාධ්‍ය platform එකෙහි නිර්මාතෘවරයාය. ඔහු අතින් ZKTOR බිහිවීම, සාමාන්‍ය ව්‍යාපාරික ආරම්භයකට එහා ගිය කාර්යයකි. එය, නෝර්ඩික් රටවල ක්‍රියාත්මක වන සමාජ සමානාත්මතාවය සහ පෞද්ගලික ගෞරවය පිළිබඳ ආකල්ප, දකුණු ආසියානු කලාපයේ සමාජ මාධ්‍ය යථාර්ථය හා මුසුකර කලාපයේ ජනතාවට විශ්වාසයෙන් යුතුව භාවිත කළ හැකි platform එකක් හඳුන්වාදීමේ සාර්ථක ප්‍රයත්නයකි.
කිසිදු බටහිර රටක ආයෝජන අරමුදල් හෝ රජයේ ආධාර මත දියත් නොවී, මුළුමනින්ම ස්වයංපෝෂිත ව්‍යාපාරික ආකෘතියක් මත ගොඩනැගුණු මෙම platform එක, ඒ හේතුවෙන්ම, පරිශීලකයින්ගේ විශ්වාසය දිනා, එහි දීර්ඝ කාලීන පැවැත්ම තහවුරු කිරීමටද සමත්ය.
ZKTOR හි ශ්‍රී ලංකා ආගමනය, හුදෙක් ප්‍රචාරණ ව්‍යාපාරයකින් එහා ගිය සමාජ අරමුණු සහිත කාර්යයකි. ඒ, විශ්වාසය හා ගෞරවය පෙරදැරි සමාජ මාධ්‍යය භාවිතයක් හරහා දකුණු ආසියාවේ ඩිජිටල් අනාගතය වෙනස් මුහුණුවරකින් අරුත් ගන්වන බැවිනි.
