නවලෝක උසස් අධ්‍යාපන ආයතනය (NCHS) සහ Swinburne University of Technology, Australia ඔවුන්ගේ දශකයකට අධික සහයෝගීතාවය සනිටුහන් කරමින්, 2025 වසරේ උපාධි ප්‍රදානෝත්සවය පසුගිය ඔක්තෝබර් 31 වැනිදා ඉතා සාර්ථකව පැවැත්විය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වුණු මෙම උත්සවය ශ්‍රී ලාංකික සිසුන් සඳහා විශිෂ්ට අධ්‍යාපන අවස්ථා උදා කළ තවත් සාර්ථක වසරක් සැමරීම සංකේතවත් කළේය. ස්වින්බර්න් හා NCHS හි අධ්‍යයන මාර්ග ඔස්සේ විවිධ විෂයයන් පිළිබඳ සිය අධ්‍යයන කටයුතු නිම කළ 300කට අධික සිසුන් පිරිසක් මෙහිදී සිය සහතිකපත්‍ර හිමිකර ගත්හ.

මෙම උත්සවය තුළින් නවලෝක උසස් අධ්‍යාපන ආයතනය සහ ඕස්ට්‍රෙිලියාවේ, ස්වින්බර්න් තාක්ෂණික විශ්වවිද්‍යාලය අතර ඇති සහයෝගිතාවයේ අඛණ්ඩ සාර්ථකත්වය පිළිබිඹු විය. මේ දක්වා ඔවුන් ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසකට උසස් අධ්‍යාපනය සහ ජාත්‍යන්තර වෘත්තීන් වෙත පිවිසීමට අත්වැල් සපයා ඇත. කොළඹ සහ මහනුවර පිහිටි නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ ශාඛාවන් ඔස්සේ දිවයින පුරා සිසුන්ට අන්තර්ජාතික වශයෙන් පිළිගත් උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලබා දීමට නිරතුරුව කටයුතු කරනු ලබයි.
උත්සව සභාව අමතමින්, නවලෝක සමූහ ව්‍යාපාරයේ සහ නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සිසුන්ගේ ජයග්‍රහණ පිළිබඳව සිය අදහස් පළ කළේය. කුසලතාවන්ගෙන් හා අචාර ධර්මයන්ගෙන් පිරිපුන්, විශ්වීය මනසක් සහිත පුද්ගලයන් පෝෂණය කිරීම විද්‍යාලයේ මෙහෙවර බව ඔහු සඳහන් කළේය. “අද දිනය ඔබගේ පෞද්ගලික ජයග්‍රහණයක් පමණක් නොව, ඔබේ දෙමාපියන්, ගුරුවරුන් සහ පවුල විසින් ලබා දුන් නිරන්තර කැපවීමට සිදු කළ උපහාරයක්. ශ්‍රී ලංකාව, කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වීමට නම් සියලු දෙනා තම තමන්ගේ කාර්යභාරයන් මනාව ඉටු කළ යුතු වෙනවා. මෙතැන් සිට ඔබ ලබාගත් කුසලතා, විශ්වාසය සහ දැක්ම සමඟින්, ඔබ ඔබේම අනාගතයට පමණක් නොව, අපගේ රටේ ප්‍රගතියට ද දායක වීමට සූදානම් විය යුතුයි.”
තවද, නවලෝක උසස් අධ්‍යාපන ආයතනයෙහි නියෝජ්‍ය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වික්ටර් රාමනන් මහතා මෙම අදහස්වලට සහය දක්වමින්, උපාධිධාරීන්ට ශාස්ත්‍රීය දැනුමෙන් ඔබ්බට විහිදුණු ප්‍රායෝගික කුසලතා වර්ධනයේ වැදගත්කම ද සිහිපත් කළේය. “ඔබ ඔබගේ ගමනේ මීළඟ අදියර සඳහා සූදානම් වන විට, සාර්ථකත්වය ගොඩනැගී ඇත්තේ ශාස්ත්‍රීය දැනුම මත පමණක් නොවන බව මතක තබා ගන්න. ප්‍රායෝගික ජීවිතයේදී ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමේ හැකියාව, කණ්ඩායමක් ලෙස වැඩ කිරීම, වෙනස්වීම්වලට අනුවර්තනය වීම සහ තර්කානුකූලව සිතීම යන කරුණු එක හා සමානව ම වැදගත් වෙනවා. මෙම මෘදු කුසලතා තුළින් හා නායකත්වය ගෙන කටයුතු කිරීමේ හැකියාව මඟින් ඔබට රැකියා ස්ථානයේදී මෙන්ම ජීවිතයේදී ද උසස් ස්ථානයක් අත්පත් කර දීමට හැකියාවක් ලැබෙනවා.”
එසේම, උත්සවය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මැතිතුමා දෙරට අතර පවතින දිගුකාලීන අධ්‍යාපන සබඳතාවයේ වටිනාකම අවධාරණය කරන ලද්දේ, “ඕස්ට්‍රේලියාවේ නියෝජිතයෙකු ලෙස, ශ්‍රී ලංකාව සමඟ අපගේ අධ්‍යාපන හවුල්කාරිත්වයන් ශක්තිමත් වන අයුරු පිළිබඳ මම නිහතමානීව සතුටු වෙනවා. ශ්‍රී ලාංකිකයෝ ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන තුළ නිරන්තරයෙන් ජයග්‍රහණ ලබා ගන්නවා. අපගේ රටවල් දෙකටම අනාගතය සඳහා අවශ්‍ය වන ජාත්‍යන්තර මට්ටමේ කුසලතා, දරුවන් විසින් වැඩිදියුණු කර ගැනීම සතුටට කරුණක්” යනුවෙනි.
එපමණක් නොව, මෙම උත්සවයට ස්වින්බර්න් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අධ්‍යක්ෂක ආචාර්ය ඇඩම් බේකර් මහතා, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුර මහතා සහ නවලෝක උසස් අධ්‍යාපන ආයතනයෙහි අධ්‍යයන පීඨාධිපති ආචාර්ය ඇලන් රොබට්සන් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද සහභාගී වූහ. එමෙන්ම, උත්සවයේ කටයුතු ඉතා ගෞරවාන්විතව සහ උණුසුම් ලෙස මෙහෙයවනු ලැබූවේ කීර්තිමත් නිවේදක, ෆයිසාල් බොංග්සෝ මහතා විසිනි.
මෙම 2025 නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ සහ ඔස්ට්‍රෙිලියාවේ ස්වින්බර්න් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ශාස්ත්‍රීය ජයග්‍රහණ ඇගයීමට පමණක් සීමා වූවක් නොවීය.
නවලෝක උසස් අධ්‍යාපන ආයතනය සිය වැඩසටහන් සහ හවුල්කාරිත්වයන් පුළුල් කරමින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තර අධ්‍යාපනය සහ ගෝලීය සම්බන්ධතා සඳහා මාවත් සැපයීමට කැපවී සිටියි. ශක්තිමත් පදනමක් සහ නවෝත්පාදන දැක්මක් ඇතිව, නවලෝක උසස් අධ්‍යාපන ආයතනය තුළින් බිහිවන සිසුන් දේශීයව මෙන්ම විදේශීයව ද තම සුවිශේෂීත්වය විදහා දක්වනු ඇත.
නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ අධ්‍යන වැඩසටහන් පිළිබඳ වැඩි විස්තර සඳහා, 011 2 777 666 අංකයෙන් හෝ info@nchs.edu.lk වෙතින් ඔවුන් හා සම්බන්ධ වී ලබාගත හැකිය. එමෙන්ම ඔවුන්ගේ සමාජ මාධ්‍ය හරහාද නවතම විස්තර සහ වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාගත හැකි අතර www.nchs.edu.lk වෙබ් අඩවියට පිවිස වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
