ශ්‍රී ලංකාවේ ත්‍රිපෝෂ ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (KOICA) සහාය 

ශ්‍රී ලංකාව, කොළඹ – කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (KOICA) ඇමරිකානු ඩොලර් මිලියන 10ක සහයෝගීතාවයෙන් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP), ශ්‍රී ලංකා රජය සමඟ හවුල්කාරිත්වය ඇතිව  “Sow and Grow” පස් අවුරුදු ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. 

dil07131.jpg

උසස් තත්ත්වයේ දේශීය බඩ ඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීම සහ වයස අවුරුදු පහට අඩු ළමුන් සඳහා මෙන්ම ගර්භනී සහ කිරි දෙන කාන්තාවන් සඳහා විශ්වාසදායක සැපයුමක් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රිපෝෂ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.

ත්‍රිපෝෂ යනු ශක්තිමත් කරන ලද අතිරේක ආහාරයක් වන අතර ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි මව්වරුන් සහ ළමුන් සඳහා දිගුකාලීන පෝෂණ ආරක්ෂණ ජාලයක් ලෙස ක්‍රියා කරයි. “Sow and Grow”  ව්‍යාපෘතිය මගින් දේශීය බඩ ඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීම, ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සහ ත්‍රිපෝෂ තිරසාර ලෙස සැපයීම සඳහා සැපයුම් දාම ශක්තිමත් කිරීම අපේක්ෂා කරනු ලබයි.

ඵලදායිතාව ඉහළ නැංවීම, දේශගුණිකව ඔරොත්තු දෙන ගොවිතැනක් ප්‍රවර්ධනය කිරීම සහ පසු අස්වනු පාඩු අවම කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය අනුරාධපුර, මොනරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කවල ගොවීන් 7,500 කට සහාය වනු ඇත. වඩා හොඳ වෙළඳපල ප්‍රවේශයක් සහ උසස් තත්ත්වයේ බඩ ඉරිඟු සඳහා විශ්වාසදායක සැපයුමක් සහතික කිරීම මඟින්, ආනයන මත යැපීම අඩු කිරීම, දේශගුණික අවදානම් සඳහා ගොවීන්ගේ ඇති ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමටත්, එකතුකරන්නන් සහ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සම්බන්ධ කරනු ඇත.

තවදුරත් මෙම ව්‍යාපෘතිය මඟින් වයස අවුරුදු පහට අඩු ළමුන් 650,000 කට වැඩි පිරිසකගේ මෙන්ම රට පුරා සිටින ගැබිනි සහ කිරි දෙන මව්වරුන් 330,000 කට අධික පිරිසකගේ පෝෂණය වැඩි දියුණු කිරීමට අපේක්ෂා කෙරේ. 

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය ඇතුළුව ශ්‍රී ලංකා රජය සමඟ හවුල්කාරිත්වයෙන් ලෝක ආහාර වැඩපිළිවෙල මගින් “Sow and Grow” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ. 

මෙම හවුල්කාරිත්වය ආහාර පද්ධති ශක්තිමත් කිරීම, වඩා හොඳ පෝෂණ ප්‍රතිඵල අත්කර ගැනීම සහ තිරසාර ග්‍රාමීය ජීවනෝපායන් සඳහා සහාය වීම සඳහා වන ජාතික උත්සාහයන් ශක්තිමත් කිරීම අරමුණු කරයි.

“ශ්‍රී ලාංකික මව්වරුන්ගේ සහ දරුවන්ගේ පෝෂණය ආරක්ෂා කරන දිගුකාලීන ත්‍රිපෝෂ වැඩපිළිවෙල ට දායක වන අතරම, බඩ ඉරිඟු වටිනාකම් දාමය ශක්තිමත් කරන “Sow and Grow” ව්‍යාපෘතියට සහාය දැක්වීමට හැකිවීම පිළිබඳව ආඩම්බර වේ. ශ්‍රී ලංකා රජය සහ ලෝක ආහාර වැඩපිළිවෙල සමඟ අපගේ හවුල්කාරිත්වය හරහා, ගොවි පිරිසකගේ සහ රටේ පෝෂණ සුරක්ෂිතතාවයට සහාය වීම අපගේ අරමුණයි,” යනුවෙන් කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (KOICA) දේශීය අධ්‍යක්ෂ ලී යූ ලී මහත්මිය පැවසුවාය. 

“බඩ ඉරිඟු ගොවීන් සහ සැකසුම්කරුවන් දේශගුණික කම්පනවල සිට වෙළඳපල සීමාවන් දක්වා වැඩිවන පීඩනයන්ට මුහුණ දේ. “Sow and Grow” ව්‍යාපෘතිය කාලෝචිත දෙයක්. ආහාර පද්ධතිය ශක්තිමත් කිරීමෙන්, අපි ශ්‍රී ලංකාව පුරා සිටින මව්වරුන් සහ දරුවන් සඳහා විශ්වාසදායක, දේශීයව නිපදවන ජීවනාලියක් වන ත්‍රිපෝෂ ආරක්ෂා කරනවා.” ලෝක ආහාර වැඩපිළිවලෙහි නියෝජිත සහ දේශීය අධ්‍යක්ෂ පිලිප් වෝඩ් මහතා පැවසීය.
කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය ලෝක ආහාර වැඩපිළිවලෙහි දිගු කාලීන හවුල්කරුවෙකු වන අතර, ජාතික සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම සඳහා අයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන අහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමටත් , ග්‍රාමීය ජීවෝනෝපායන් සංවර්ධනය කරන සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් ආරක්ෂා කරන, දේශගුණික විපර්යාසයන්ට වඩාත් ඔරොත්තු දිය හැකි අහාර පද්ධතියක් ගොඩනැගීමටත් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙයි.