මහනුවර, ශ්‍රී ලංකාව: මෙරට පශු සම්පත් ක්ෂේත්රයේ නවතම පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා සත්ත්ව පෝෂණවේදීන්ගේ සංගමයේ (SLAAN) සමාරම්භය සනිටුහන් තැබිණි. අමෙරිකානු සෝයා බෝංචි අපනයන කවුන්සිලය (USSEC) හා අත්වැල් බැඳගනිමින් එම සුවිශේෂී උළෙල, ඉකුත්දා මහනුවරදී අභිමානවත් ලෙස පැවැත්විණි.

“ශ්‍රී ලංකාවේ පශු සම්පත් ක්ෂේත්රයේ අඛණ්ඩ ව්‍යාප්තිය හමුවේ, තිරසාර සංවර්ධනයක් උදෙසා විද්වතුන්, කර්මාන්තකරුවන් සහ පාර්ශ්වකරුවන් අතර ශක්තිමත් සහයෝගීතාවයක් පැවතීම අත්‍යවශ්‍ය කාරණයක්.” යනුවෙන් SLAAN සංගමයේ නිර්මාතෘ සභාපති එස්.එම්. රෝහිත සමරකෝන් මහතා ප්‍රකාශ කළේය. “අපි SLAAN පිහිටුවනු ලැබුවේ, විද්‍යාව, නවෝත්පාදනය සහ තිරසාරත්වය පදනම් කර, මෙරට පශු සම්පත් ක්ෂේත්රය නංවාලීම සඳහායි. ඒ අනුව, USSEC වැනි ජාත්‍යන්තර ආයතන සමඟ, තාක්ෂණික දැනුම හුවමාරු කරමින්, ක්ෂේත්රයේ නිරන්තර අවශ්‍යතා සපුරාලීමට අප බැඳී සිටිනවා”
2025 වසරේදී බහාලුම්ගත U.S. සෝයා බෝංචි සඳහා වන ලොව විශාලතම වෙළෙඳ පොළ බවට ශ්‍රී ලංකාවේ කුකුළු පාලන ක්ෂේත්රය පත්වූයේ, මෙට්‍රික් ටොන් 255,000ක’ ප්‍රමාණයක් ආනයන කරමින්, ක්ෂේත්රයේ වර්ධන අභිලාෂයන්ද විදහා දක්වමිනි. ආනයන බාධා පැවතියද, නම්‍යශීලී ප්‍රසම්පාදන කටයුතු හා අවශ්‍ය තොග පහසුවෙන් සැපයීමේ හැකියාව පවතින බැවින්, මෙරට කුකුළු මස් නිෂ්පාදකයින්ගේ ප්‍රමුඛතම තේරීම බවට U.S. සෝයා බෝංචි පත්ව තිබේ.
“දකුණු ආසියාවේ U.S. සෝයා බෝංචි සඳහා වන විශාලතම වෙළෙඳ පොළ ලෙස ශ්‍රී ලංකාවේ කුකුළු මස් නිෂ්පාදන ක්ෂේත්රයට, ගුණාත්මක භාවයෙන් ඉහළ, තිරසාර අමුද්‍රව්‍ය ලබාදීමෙන්, ශක්තිමත් සැපයුම් ජාලයක් මෙරට පවත්වාගෙන යාමට දායක වීම, අපට ආඩම්බරයක්.” යැයි USSEC හි විධායක අධ්යක්ෂ කෙවින් රොප්කේ මහතා පැවසීය.
අභියෝග මධ්‍යයේ, අඛණ්ඩ ඔරොත්තු දීමේ ශක්තියෙන් යුත් මෙරට සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්රය සඳහා U.S. සෝයා වැනි ඉහළම ගුණාත්මක අමුද්‍රව්‍ය ලබාදීම, සතුන්ගේ වර්ධනයටද, සැපයුම් ජාලයේ ස්ථාවරත්වයටද ඉවහල් වන්නකි. සෝයා බෝංචි නිෂ්පාදන ක්‍රියාවලියේදී, අනුගමනය කරන සුවිශේෂී ගුණාංග හතර (4Ds) එනම්, හිරු එළිය මගින් වියළීම, හානි අවම කරගැනීම, ඉහළ ජීර්ණ හැකියාවක් පවත්වා ගැනීම මෙන්ම, වනාන්තර ආරක්ෂා වන පරිදි වගා කිරීම ආදිය හේතුවෙන්, ගුණාත්මක අමුද්‍රව්‍ය ක්ෂේත්රයට ලබාදෙන අතරම, ගොවීන්ටද ඉහළ ප්රතිලාභ අත් වේ.
“පෝෂණවේදීන් ලෙස අපගේ අරමුණ, ගොවීන්ටත්, සත්ත්ව ආහාර නිෂ්පාදකයින්ටත් ඉහළම තත්ත්වයේ ගුණාත්මක අමුද්‍රව්‍ය ලබාදීමටයි. U.S. සෝයා සමඟ අපගේ සහයෝගිතාවය, ක්ෂේත්රයේ විශ්වාසනීයත්වයටත්, දිගුකාලීන වර්ධනයටත් සුවිශාල ශක්තියක්.” යැයි SLAAN උපදේශක සහ ලංකා කුකුළු පාලන සංසදයේ සභාපති අජිත් වීරසිංහ මහතා සඳහන් කළේය.
වර්තමානයේ ගෝලීය සැපයුම් ජාලයන්හි බාධා හමුවේ සත්ව ආහාර සඳහා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල මිල ඉහළ යාමෙන්, ක්ෂේත්රයේ පිරිවැය අධික විණි. කෘත්‍රිම ඇමයිනෝ අම්ල අත්‍යවශ්‍ය නොවන, U.S. සෝයා බෝංචි භාවිතයෙන් අඩු පිරිවැයකින්, පෝෂණ ගුණයෙන් ඉහළ සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීමටද හැකිව තිබේ.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්රයේ ඉහළ ප්‍රමුඛතාවක් හිමිවන තිරසාරත්වය සම්බන්ධයෙන් ගත් කල U.S. සෝයා, අමෙරිකානු සෝයා තිරසාර පරීක්ෂණ ක්‍රමවේද (SSAP) යටතේද සහතික කර ඇති බැවින්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදන සිදුකිරීමට මෙරට කුකුළු මස් නිෂ්පාදකයින්ට හැකියාව පවතී.
මේ වන විටත්, ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ කුකුළු මස් නිෂ්පාදකයින් සහ සත්ව ආහාර ආයතන 16 ක්, තම ඇසුරුම්වල ‘Sustainable U.S. Soy’ ලේබලය ප්‍රදර්ශනය කිරීම සඳහා එකඟ වී තිබීම, ශ්‍රී ලාංකේය කුකුළු පාලන ක්ෂේත්රය, තිරසාර අමුද්‍රව්‍ය කරා නැඹුරු වන බවට සාක්ෂියකි.
එක්සත් ජනපද සෝයා බෝංචි අපනයන කවුන්සිලය (USSEC):
ජාත්‍යන්තර වශයෙන් රටවල් 90 කට අධික සංඛ්‍යාවක මිනිස් පරිභෝජනය, මත්ස්‍ය වගාව සහ සත්ව ආහාර සඳහා U.S. සෝයා ප්රවර්ධනයත්, වෙළෙඳ පොළ ප්රවේශයත් සලසන USSEC, ඇමරිකානු සෝයා ගොවීන්, සැකසුම්කරුවන් සහ කෘෂි සංවිධාන ඇතුළු සමස්ත සැපයුම් ජාලයම නියෝජනය කරයි. U.S. Soy Checkoff, USDA විදේශ කෘෂිකාර්මික සේවය සහ කෘෂි කර්මාන්ත දායකත්වය මඟින් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයේ. වැඩි විස්තර සඳහා; WWW.ussec.org
