වසර තිහකට වැඩි කාලයක් පුරා භාවිත කරන ලද ජපන් වාහන අපනයන ව්‍යාපාරයේ පුරෝගාමියෙකුවන AA Japan (පුද්ගලික) සමාගම, ශ්‍රී ලංකාවේ පළමු කාර්යාලය පසුගියදා විවෘත කරන ලදී.

මෑතකදී ශ්‍රී ලංකාව නැවතත් සිය වාහන ආනයන වෙළෙඳපොළ විවෘත කිරීමත් සමඟ AA Japan සමාගම විසින් වාහන 6,000කට අධික ප්‍රමාණයක් මෙරටට අපනයනය කරන ලද අතර ඔවුන්ගේ වාහන සඳහා ශ්‍රී ලාංකික ගැනුම්කරුවන් වෙතින් ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී තිබේ. සමාගම මේ වනවිට භාවිත කරන ලද ජපන් වාහන 18,000කට වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව රටවල් 80කට වැඩි ප්‍රමාණයකට අපනයනය කරන අතර ශ්‍රී ලංකාව හරහා මතුව ඇති ඉල්ලුම ද එහි සාර්ථකත්වය හොඳින් පිළිබිඹු කරයි.
වර්ෂ 1996දී හමීඩ් රම්සාන් මහතා විසින් සිය පවුලේ වාහන වෙළෙඳාම් ව්‍යාපාරයට සහාය වනු පිණිස ටෝකියෝ නුවරදී කුඩාවට ආරම්භ කරන ලද AA Japan සමාගම, වර්තමානය වනවිට භාවිත කරන ලද ජපන් වාහන අපනයන ව්‍යාපාරයේ ප්රමුඛ නාමයක් බවට පත්ව තිබේ.
මීට ඉහතදී දුරස්ථ සන්නිවේදන ක්‍රම උපයෝගී කරගනිමින් ගැනුම්කරුවන් සහ සමාගම අතර සන්නිවේදන කටයුතු සිදුවූ අතර, නව කාර්යාලය පිහිටුවීමත් සමඟ මුහුණට මුහුණලා සේවා සැපයීමටත්, සිය දේශීය දැනුම බෙදාදීමටත් සමාගමට හැකිවනු ඇත. තව ද ගැනුම්කරුවන්ට නව කාර්යාලය වෙත ගොස් සිය සියලු වාහන අවශ්‍යතා සඳහා විසඳුම්, තමන් කැමති භාෂාවකින් (ප්‍රධාන භාෂා තුන අතුරින්) ලබාගැනීමේ අවස්ථාව ද උදාවේ.

AA Japan සමාගම ජපානයේ සිට වාහන ආනයනයට අදාළ සියලු පියවර සම්පූර්ණ කරන අතර, ගැනුම්කරුවා වාහනය තෝරාගැනීමේ අවස්ථාවේ සිට, නිවැරදි මිල ගණන් ඉදිරිපත්කිරීම, නාවික ප්‍රවාහන කටයුතු සම්බන්ධීකරණය කිරීම, ලියකියවිලි සකස් කිරීම, වාහන පරීක්ෂාවට ලක්කිරීම මෙන්ම අලෙවියෙන් පසු උපදේශන සේවා සැපයීම ද සිදුකරයි. බොහෝ පාරිභෝගිකයින්ට වෙනත් රටක සිට වාහනයක් ආනයනය කිරීම යනු ඉතාම සංකීර්ණ සහ අවදානම් කටයුත්තකි. එම සංකීර්ණබව සහ අවදානම ඉවත්කරමින් ඉතා පහසුවෙන් තමන් කැමති වාහනයක් ආනයනය කිරීමේ අවස්ථාව AA Japan සමාගම පාරිභෝගිකයින් වෙත පිරිනමයි.
ගෙවුණු වසර ගණනාවක පුරා ශ්‍රී ලාංකික ගැනුම්කරුවන් තුළ අපගේ වාහන සඳහා ඉහළ ඉල්ලුමක් අපි නිරීක්ෂණය කළා. ශ්‍රී ලංකාව තුළ අපගේ කාර්යාලයක් විවෘත කිරීමට පසුබිම් වුණේ එම පාරිභෝගික විශ්වාසයයි. ලොව පුරා අනෙක් රටවල්වල පාරිභෝගිකයින්ට අපි ලබාදෙන මට්ටමේ සේවාවක් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ටත් ලබාදීමේ වුවමනාව අප සතුව තිබුණා. දේශීය කාර්යමණ්ඩලයක් හරහා වඩාත් වේගයෙන් අපගේ සේවා පාරිභෝගිකයින්ට ලබාදීමේ හැකියාවත් අපට ලැබෙනවා. හුදෙක් වාහන අලෙවියෙන් ඔබ්බට ගොස් ශක්තිමත් පාරිභෝගික සබඳතාවක් ගොඩනඟාගැනීම අපේ අරමුණයි යනුවෙන් AA Japan සමාගමේ නිර්මාතෘ සහ සභාපති හමීඩ් රම්සාන් මහතා ප්‍රකාශ කළේය.
AA Japan සමාගම ජපානයේ වෙන්දේසි ආයතන හරහා ඍජුව වාහන ලබාගන්නා අතර, තමන්ගේම වාහන එකතුවක් ද කළමනාකරණය කරයි. තනි පුද්ගල ගැනුම්කරුවන් මෙන්ම වාහන අලෙවිකරුවන්, ඉදිකිරීම් සමාගම්, ප්‍රවාහන සමාගම් ආදී ව්‍යාපාර ආයතන වෙත ද සමාගම සිය සේවා සපයයි. AA Japan සමාගම ආරම්භයේ පටන්ම වාහන අපනයනයට පෙර විධිමත් තත්ත්ව පරීක්ෂාවකට ලක්කිරීම සිදුකරන බැවින් එවැනි පුළුල් පාරිභෝගික විශ්වාසයක් දිනාගැනීමට සමත්ව තිබේ.
මීට අමතරව වාහන මිලදීගැනීමේ අත්දැකීමට වඩාත් නවීකරණය කරමින් නව ඩිජිටල් තාක්ෂණික උපාංග හඳුන්වාදීමට ද සමාගම ඉදිරියේදී අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාවට අමතරව මේ වනවිට, කෙන්යාව, ඕස්ට්‍රේලියාව, බොස්වානා, පිලිපීනය, තායිලන්තය සහ චිලී යන රටවල ද සිය කාර්යාල පිහිටුවීමට සමාගම පියවර ගෙන තිබේ. www.aajapancars.com වෙබ් අඩවිය හෝ info@aajapancars.com ඊමේල් ලිපිනය හරහා AA Japan සමාගම සහ එහි සේවා පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැක.
– අවසන් –
