Prime Lands Residencies PLC සමාගමේ The Colombo Border සංවර්ධන ව්‍යාපෘතියට අයත් නේවාසික කුලුනු තුනෙන් එකක් වන Tower Cosmos හි උපරි ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් පසුගියදා අවසන් විය. මෙය එම ව්‍යාපෘතියේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. මහල් 20 කින් යුත් මෙම කුලුනේ ඉදිකිරීම් කටයුතු මෙලෙස සැලසුම් කළ කාලයටත් පෙර නිම කිරීම, නියමිත කාලසීමාව තුළ ව්‍යාපෘති අවසන් කර භාරදීම සම්බන්ධයෙන් Prime සමාගම දිනා සිටින කීර්තිනාමය තවදුරටත් තහවුරු වීමක් ලෙස හැඳින්විය හැකි වේ.

මෙම ඉදිකිරීම් අවසන් වීම The Colombo Border ව්‍යාපෘතියට අදාළ කාලරාමුවෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. Tower Cosmos හි ව්‍යුහාත්මක ඉදිකිරීම් අවසන් වීමත් සමඟ සමාගමට මෙතැන් පටන් එහි අභ්‍යන්තර නිර්මාණකරණ කටයුතු ආරම්භ කළ හැකි වේ. මහල් 20 කින් යුත් මෙම කුලුන නිදන කාමර 2 බැගින් වන සුඛෝපභෝගී නිවාස 152 කින් සමන්විත වනු ඇත. මෙම නිවාස සියල්ල මේ වන විට අලෙවි වී ඇති අතර, 2027 දෙසැම්බර් මාසය වන විට මෙහි සියලු කටයුතු සම්පූර්ණ කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Tower Cosmos හි ඉදිකිරීම් කටයුතු සිදුකරන ලද්දේ Prime සමූහයේ ඉදිකිරීම් සමාගම වන Prime Construction (Pvt.) Ltd. විසිනි. නියමිත කාලයටත් පෙර මෙහි ඉදිකිරීම් අවසන් වීම, ව්‍යාපෘතියක සියලු කටයුතු ඒකාබද්ධව විශිෂ්ට අන්දමින් සිදුකිරීම සඳහා Prime සමූහයට හැකියාව ඇති බවට මනා සාක්ෂියකි. Prime සමූහයේ ඉදිකිරීම් කණ්ඩායම සහ බහුවිධ විශේෂඥ කණ්ඩායමක් අතර මාස ගණනාවක් පුරා පැවති සාර්ථක සම්බන්ධීකරණ ක්‍රියාවලියක් තුළින් Tower Cosmos හි ඉදිකිරීම් කටයුතු මෙතරම් කාර්යක්ෂම ලෙස සිදුකිරීමට හැකි විය.
ව්‍යාපෘති ගෘහ නිර්මාණ ශිල්පී අනිල් කුමාරගේ, ව්‍යුහාත්මක ඉංජිනේරු ලක්සිරි කුරේ, කාර්මික, විදුලි සහ ජලනල උපදේශකවරුන් සහ NJ Consultants සමාගමේ නොයෙල් ජෝසප් මහතා ප්‍රමුඛ උපදේශක කණ්ඩායම ඇතුළු පළපුරුදු වෘත්තිකයන් කණ්ඩායමක මඟපෙන්වීම යටතේ The Colombo Border ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලබයි. මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තිසාන් ජයසිංහ මෙහි ව්‍යුහාත්මක සම සමාලෝචන උපදේශක (Structural Peer Review Consultant) ලෙස කටයුතු කරන අතර, එම විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නලින් ද සිල්වා භූ තාක්ෂණික ඉංජිනේරු සේවා අධීක්ෂණය කරයි. මෙම සහයෝගී ප්‍රවේශය හේතුවෙන් ඉදිකිරීම් ක්‍රියාවලිය පුරාම තාක්ෂණික, සැලසුම්කරණ සහ ව්‍යුහාත්මක ඉදිකිරීම් කටයුතු සාර්ථක ලෙස සිදුකිරීමට හැකියාව ලැබිණි.
මෙම සමස්ත සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රමෝපායික හවුල්කාරීත්ව ආකෘතියක් යටතේ ක්‍රියාත්මක වේ. Tower Cosmos සහ Tower Amaá හි ඉදිකිරීම් කටයුතු Prime Construction (පුද්.) සමාගම විසින් සිදුකරනු ලබන අතර, Sanken Construction (පුද්.) සමාගම සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වයක් යටතේ Tower Brielle හි ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ. මෙය ක්ෂේත්‍රයේ සෙසු සාමාජිකයන් සමඟ ඵලදායී ලෙස එක්ව කටයුතු කිරීමට Prime සතු හැකියාවට මනා සාක්ෂියකි.
කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ අක්කර 6.5 ක භූමි ප්‍රමාණයක ඉදි වන The Colombo Border, නූතන ගෘහ නිර්මාණාත්මක සැලසුම්කරණය සහ ක්‍රමෝපායික නාගරික ස්ථානගතකරණය මැනැවින් ඒකාබද්ධ කරන ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය පිහිටි ස්ථානයේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, කොළඹ වරාය නගරය සහ ප්‍රධාන වාණිජ නගර වෙත පහසුවෙන් ළඟා විය හැකි අතර, එය සියලු නාගරික පහසුකම් සහිත සන්සුන් පරිසරයක ජීවත් වීමේ අවස්ථාව එහි නිවැසියන්ට උදා කර දෙයි. මෙහි කුලුනු තුනම ඒවායෙහි පදිංචිකරුවන්ට උපරිම පහසුවක් සැලසෙන පරිදි, ඔවුන්ගේ නවීන ජීවන රටාවන්ට ගැළපෙන සියලු නවීන පහසුකම් සහිතව ඉදිකරනු ලැබේ.
ක්‍රමයෙන් ඉදිකිරීම් අවසන් වෙමින් පවතින The Colombo Border ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට නිවාස ගැනුම්කරුවන් සහ ආයෝජකයන් අතර විශාල උනන්දුවක් නිර්මාණය වෙමින් පවතී. විශේෂයෙන්ම මෙබඳු ව්‍යාපෘති සම්බන්ධයෙන් Prime සමූහය සතු දැනුම හා පළපුරුද්ද මෙන්ම මෙම නිවාසවල උසස් ප්‍රමිතිය වැනි සාධක ඔවුන්ගේ අවධානයට ලක් වී ඇත. සියලු පහසුකම් සහිත ස්ථානයක පිහිටා තිබීම, ආකර්ෂණීය ගෘහ නිර්මාණාත්මක සැලසුම් සහ විශ්වාසනීය ඉදිකිරීම් තාක්ෂණය වැනි සාධක ඔස්සේ ශ්‍රී ලංකාවේ නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රය හැඩගැස්වීම සඳහා Prime සමූහය දරන උත්සාහය මෙම ව්‍යාපෘතිය මඟින් මැනැවින් පිළිබිඹු වේ.
The Colombo Border ව්‍යාපෘතිය සහ ඉන් මිලදීගත හැකි නිවාස පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.primeresidencies.lk වෙත පිවිසෙන්න.
Prime Lands Residencies PLC පිළිබඳව
Prime Lands Residencies PLC යනු මෙරට වඩාත්ම ස්ථාවර සහ ගෞරවය දිනූ දේපළ සමූහ ව්‍යාපාර අතරින් එකක් වන Prime සමූහ ව්‍යාපාරයට අයත් ලැයිස්තුගත දේපළ සංවර්ධන සමාගමකි. වසර 30 ක උරුමයක් හිමි Prime සමූහය මේ වන විට රට පුරා දේපළ ව්‍යාපෘති 70 කට අධික සංඛ්‍යාවක් සාර්ථක ලෙස සම්පූර්ණ කර ඇති අතර, උසස් තත්වය, විශ්වාසනීයත්වය සහ විශිෂ්ට ව්‍යාපෘති කළමනාකරණය සම්බන්ධයෙන් විශාල කීර්තියක් දිනා සිටී.
Prime සමූහයේ නිවාස සංවර්ධන අංශය ලෙස Prime Lands Residencies PLC සමාගමේ ප්‍රධානතම අරමුණ වන්නේ නිවාස හිමියන්ට සහ ආයෝජකයන්ට දීර්ඝකාලීන වටිනාකමක් ලබා දෙන, සෑම අංශයක්ම මැනැවින් සැලකිල්ලට ගෙන සැලසුම් කරන ලද, උසස් තත්ත්වයේ ජීවන අවකාශයන් නිර්මාණය කිරීමය. එම අරමුණ ඔස්සේ සමාගම විසින් නාගරික ප්‍රදේශ ඉලක්ක කරගෙන ඉහළම තලයේ සුඛෝපභෝගී පහසුකම් සහ විශිෂ්ට සැලසුම් සහිත විශේෂ නිවාස ව්‍යාපෘති වැඩසටහනක් වශයෙන් ‘The One Collection’ ක්‍රියාවට නංවනු ලබයි.
