ශ්‍රී ලාංකිකයන්ට ඩිජිටල් ලෝකය තුළ ආරක්ෂිතව සහ විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ සම්පත් ලබාදීම වෙනුවෙන් කැප වූ ලාභ නොලබන ව්‍යාපෘතියක් වන FOUNDATION.LK, සිය නවතම වැඩසටහන වන “DiGiSavi” ව්‍යාපෘතිය 2026 මාර්තු 24 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතන (SLFI) ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් ආරම්භ කරන ලදී. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ වගකීම් සහගත ඩිජිටල් පුරවැසිභාවය ප්‍රවර්ධනය කරන අතරම, වර්ධනය වෙමින් පවතින ඩිජිටල් සමාජය තුළ නව අවස්ථාවන් උදාකර දීමයි.

මෙම සමාරම්භක උළෙල, ශ්‍රී ලාංකික ප්‍රජාව ඩිජිටල් සවිබල ගැන්වීමේ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ අතර, ඒ සඳහා ප්‍රධාන පාර්ශවකරුවන්, හවුල්කරුවන් සහ ප්‍රජා නියෝජිතයන් රැසක් සහභාගී වූහ.
DiGiSavi යනු FOUNDATION.LK විසින් බලගන්වනු ලබන දිවයින පුරා ක්‍රියාත්මක වන වැඩසටහනකි. මෙය ඩිජිටල් කුසලතා වර්ධනය, සේවාවන් සඳහා ප්‍රවේශය, සයිබර් ආරක්ෂණ දැනුවත්භාවය සහ නවෝත්පාදන හරහා ප්‍රජාවන් සවිබල ගැන්වීම සඳහා නිර්මාණය කර ඇත. FOUNDATION.LK විසින් මේ වන විට පිළිගත් DiGiSavi මධ්‍යස්ථාන 50ක් දිවයින පුරා වර්ධනය වන ජාලයක් හරහා, විශේෂයෙන්ම බිම් මට්ටමේදී ඩිජිටල් පරතරය අවම කරමින් දිවයින පුරා ඩිජිටල් අවස්ථාවන් සාධාරණ ලෙස ලබා දීම සහතික කිරීම මෙහි අරමුණයි.
මෙහිදී සභාව ඇමතූ ලංකා වසම් ලේඛකාධිකාරී ( LK Domain Registrar) සහ එහි ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතා, මෙම වැඩසටහනේ ආරම්භය සහ LK වසම් ලේඛකාධිකාරිය යටතේ එහි පරිණාමය පිළිබඳව අදහස් දැක්වීය. එසේම ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා අදහස් දක්වමින්, මෙම ව්‍යාපෘතියේ කාලීන වැදගත්කම අවධාරණය කළ අතර, කෘතිම බුද්ධිය (AI) ඇතුළු නැගී එන තාක්ෂණයන් හරහා ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීමට සහ ශ්‍රී ලාංකීය ප්‍රජාවන් සවිබල ගැන්වීමට මෙයට ඇති හැකියාව පෙන්වා දුන්නේය.
ව්‍යාපෘති කළමනාකාරිණී ගයනි පෙරේරා මහත්මිය විසින් DiGiSavi වැඩසටහනේ අරමුණු, එය ක්‍රියාත්මක කරන ආකාරය සහ දිවයින පුරා ප්‍රජාවන් වෙත ඇති කිරීමට බලාපොරොත්තු වන බලපෑම පිළිබඳව පුළුල් හැඳින්වීමක් ඉදිරිපත් කළාය.
උත්සවයේ විශේෂාංගයක් ලෙස සහභාගී වූ සියලුම DiGiSavi මධ්‍යස්ථාන ඇගයීමට ලක් කළ අතර, ඒ සෑම මධ්‍යස්ථානයකටම පිළිගැනීමේ සහතිකයක් සහ නිල DiGiSavi සන්නාමකරණ ද්‍රව්‍ය (branding items) පිරිනමන ලදී. ප්‍රජා මට්ටමින් ඩිජිටල් සවිබල ගැන්වීම් සිදු කිරීම සඳහා ඔවුන් සතු කැපවීම සහ සූදානම මෙමගින් අගය කරන ලදී.
අවසාන වශයෙන්, FOUNDATION.LK හි ප්‍රධාන විධායක නිලධාරිනී නිරෝජා ජයවික්‍රම මහත්මිය, දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි සියලුම සහභාගිවන්නන්ට, හවුල්කරුවන්ට සහ DiGiSavi මධ්‍යස්ථාන නියෝජිතයින්ට සිය කෘතඥතාව පළ කළාය. මෙම වැඩසටහන කෙරෙහි ඔවුන් තැබූ විශ්වාසය අගය කළ ඇය, මෙය ඩිජිටල් අන්තර්ගතකරණය (digital inclusion) කරා යන පරිවර්තනීය ගමනක ආරම්භය බව අවධාරණය කළාය.
සමාරම්භක උළෙලේ ප්‍රධානතම සුවිශේෂී සිදුවීම වූයේ, DiGiSavi මධ්‍යස්ථාන හරහා ශ්‍රී ලංකාව පුරා මිලියනයක (1 Million) ප්‍රතිලාභීන් පිරිසක් වෙත ළඟා වීමේ අභිලාෂකාමී ජාතික ඉලක්කය නිවේදනය කිරීමයි. මෙම දැවැන්ත ඉලක්කය මගින් ඩිජිටල් පරිවර්තනය සෑම කලාපයකම ප්‍රජාවන් සඳහා අර්ථවත් සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි එකක් බවට පත් කිරීමට ඇති දැඩි කැපවීම නිරූපණය වේ. තොරතුරු ලබාගැනීමට සහ සම්බන්ධ වීමට වේදිකාවක් සපයමින්, නිල වෙබ් අඩවිය වන www.digisavi.lk ද මෙහිදී විවෘත කරන ලදී.
DiGiSavi සිය ගමන ආරම්භ කරන විට, එය වඩාත් සම්බන්ධිත සහ ඩිජිටල් ලෙස සවිබල ගැන්වුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා තැබූ වැදගත් පියවරක් ලෙස සැලකේ. මෙම දැක්ම බෙදාහදා ගන්නා දිවයින පුරා විසිරී ඇති අනෙකුත් මධ්‍යස්ථානවලටද අපගේ ජාලය හා සම්බන්ධ වන ලෙසත්, DiGiSavi ගමනේ කොටස්කරුවෙකු වන ලෙසත් අපි ආරාධනා කර සිටිමු.
