ශ්‍රී ලාංකීය රියදුරන්ගේ ශාරීරික යහපැවැත්ම පැවැත්ම සඳහා හොඳම විසඳුමක් ලෙස විද්‍යුත් ත්‍රිරෝද රට පුරා අවධානය දිනාගනී

ශ්‍රී ලාංකීය ප්‍රවාහන පද්ධතියේ ජීවනාලිය බඳු ත්‍රිරෝද රථ, මෙරට ගම්බද හා නගරබද දහස් ගණන් රියදුරන්ගේ ජීවනෝපාය සඳහා සුවිශාල ශක්තියක් බවට පත්ව තිබේ. කෙසේ වෙතත්, ඉන්ධන මගින් ධාවනය වන වාහන දීර්ඝකාලීනව පැදවීම, එම රියදුරු ප්‍රජාවගේ ශාරීරික යහපැවැත්මට බලවත් තර්ජනයක් බවට අදවන විට සනාථ වෙමින් පවතී.

s image

Sri Lanka Journal of Occupational Health සඟරාව මගින් පළ කෙරුණු පර්යේෂණාත්මක අධ්‍යයනයක දැක්වෙන්නේ, ඉන්ධන මගින් ධාවනය කරන වාහනවල එංජිමෙන් නිකුත් වන කම්පනයට අඛණ්ඩව නිරාවරණය වීම රියදුරන්ගේ ශරීරය සෞඛ්‍යයට අහිතකර බවයි. දීර්ඝ කාලයක් රිය ධාවනය කිරීමත්, සුවපහසු නොවන අසුන් මත හිඳ ධාවනය කිරීමත් එම තත්ත්වය දෙගුණ තෙගුණ වීමට බලපාන බැවින්, ඉන්ධන වාහන භාවිත කරන රියදුරන් අතර, කොන්දේ අමාරුව සහ මාංශ පේශි ආශ්‍රිත රෝගාබාධ බහුල බවට එහි දැක්වේ. මෙම තත්ත්වය, පෞද්ගලික සෞඛ්‍ය ගැටලුවක් ප්‍රවාහන ක්ෂේත්‍රයටම බලපාන අභියෝගයක් ලෙස දැන් හඳුනාගෙන තිබේ.

මෙම අභියෝගාත්මක තත්ත්වයට සාර්ථක මෙන්ම තිරසාර විසඳුමක් ලෙසින්, නවීනතම ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථ දැන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරට පැමිණෙමින් තිබේ.

රියදුරන් වෙත නවතම මෙන්ම අසමසම සුවපහසුවකින් යුත් ධාවන අත්දැකීමක් ලබාදීම සඳහා උසස්ම විද්‍යුත් මෝටර් පද්ධති මගින් එම එම ත්‍රී රෝද රථ ධාවනය බැවින්, සාම්ප්‍රදායික එංජින් වාහන ධාවනයේදී ශරීරයට දැනෙන අඛණ්ඩ කම්පනය, මෙම වාහන ධාවනයේදී කිසිසේත්ම නොමැති වීම සැලකිය යුතු තාක්ෂණික වෙනස්කමකි. රියදුරන්ට වෙහෙසකර නොවන සුමුදු රිය ධාවන අත්දැකීමක් ලබාදීමට එය ඉවහල් වන අතරම, ඒ හේතුවෙන් කාලයත් සමග ඔවුන්ගේ ශාරීරික තෙහෙට්ටුවද සැලකිය යුතු ලෙස අඩු වේ.

මීට අමතරව, නවීනතම වාහන ඉංජිනේරු ශිල්පීය විශිෂ්ටත්වය විදහා දක්වමින්, මෙම වාහන නිමාවේදී රියදුරාගේ සුවපහසුව හා යහපැවැත්ම කෙරෙහි ප්‍රමුඛතම අවධානයක් යොමුකර තිබේ. ඒ අනුව, ශරීර බර සමසේ බෙදාහැරෙන පරිදි හා ධාවනයේදී නිවැරදි ශරීර ඉරියව් පවත්වා ගත හැකි පරිදි විශේෂයෙන්ම නිර්මාණය කළ උසස් ආසන පද්ධති, සුවපහසු රියදුරු අසුනක නියමිත ඉරියව්වකින්, දීර්ඝ කාලයක් රිය පැදවීම තවදුරටත් වෙහෙසකර නොවන කටයුත්තක් බවට පත්කර තිබේ.

මෙම වාහන විප්ලවය හුදෙක් රියදුරන්ගේ පෞද්ගලික සුබ සිද්ධියට පමණක් සීමා නොවී, දේශීය සැපයුම් සහ බෙදාහැරීමේ ජාල මෙහෙයවන ව්‍යාපාරික ආයතනවලටද සුවිශාල ආර්ථික වාසි උදාකර දෙන විසඳුමක් වී තිබේ. ඒ හේතුවෙන්, ඉන්ධන පිරිවැය සහ නඩත්තු වියදම් විශාල ලෙස ඉතිරි කර දෙන අතරම, තාක්ෂණික විශිෂ්ටත්වය හේතුවෙන් යාන්ත්‍රික දෝෂද අවම මෙම ඉලෙක්ට්‍රික් වාහන විසඳුම් කරා දැන් දැන් රියදුරෝ යොමු වෙති.