කලාපීය වශයෙන් ස්ථාවර සමාජ මාධ්‍ය ගමන් මගක නිරත, ඉදිරිගාමී platform එකක් වන ZKTOR, මේ වන විට මුළුමනින්ම දේශීයකරණය වූ ප්‍රචාරණ යාන්ත්‍රණයත් සමගින්, දකුණු ආසියානු කලාපයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්හි, රැකියාවන්හි නිරත තරුණ පිරිසගේ හා ඩිජිටල් නිර්මාණකරුවන්ගේද පිළිගැනීම ලැබ සාර්ථක වර්ධනයක් අත්පත් කරගනිමින් තිබේ.

දකුණු ආසියානු ගමන්මග තුළ ZKTOR හි ශ්‍රී ලංකා ආගමනය සමාජ මාධ්‍ය ව්‍යාප්තියේ තවත් එක් සන්ධිස්ථානයක් නොවේ. එය, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාගේ පටන් ගෘහස්ත ව්‍යවසායිකාව දක්වා සැමට අවශ්‍ය විශ්වාසනීය වෙළෙඳ අනන්‍යතාවයක්ද ගොඩනඟන අවකාශයකි. දකුණු ආසියානු කලාපයේ Gen Z ඇතුළුව beta භාවිත කරන ලක්ෂ පහකටත් අධික තරුණ තරුණියන්ගේ නොමඳ ආකර්ෂණය දිනූ, Softa Technologies හි නිමැයුමක් වන, මෙහි සාර්ථකත්වය කෙරෙහි ශ්‍රී ලාංකිකයින්ගේ උනන්දුව බෙහෙවින් බලපානු ලබයි.
AI තාක්ෂණය, මවාපෑම්, අනාරක්ෂිත සයිබර් පරිසරය, අවිශ්වාසය ආදී ගැටලු පිරි වත්මන් ඩිජිටල් යුගයේ, ජනතාවගේ පෞද්ගලිකත්වය හා දත්ත ආරක්ෂාවට මුල්තැන දෙන ZKTOR, සියලු ආරක්ෂණ ගැටලුවලට විසඳුම් එකම තැනකින් පිරිනමන platform එකකි. ඉන්, Zero Knowledge Server සහ No URL Media Architecture වැනි නවීන ආරක්ෂණ විශේෂාංග සමගින් ව්‍යුහාත්මක ආරක්ෂාව සලසන අතරම, පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂාව Multi-layer encryption මගින් තහවුරු කර, අවකාශයේ පාලනය සම්පූර්ණයෙන්ම ඔවුන් අතට පත් කරයි. ඒ අනුව මෙය, ශ්‍රී ලාංකීය පවුල්වලට, කාන්තාවන්ට සහ තරුණ පරපුරට බියෙන් සැකෙන් තොරව සදාචාරාත්මකව ව්‍යාපාර කටයුතු කළ හැකි සුරක්ෂිත ඩිජිටල් පරිසරයකි.
ZKTOR හි මුළුමනින්ම දේශීය ආරකින් දියත් කිරීමට යෝජිත ප්‍රචාරණ ජාලය වන ZHAN හරහාද සුවිශාල කාර්යභාරයක් ඉටු කිරීම අරමුණයි. එමගින් සැලසුම් කර ඇති පරිදි, විනිවිදභාවයෙන් යුතු ප්‍රචාරණ ක්‍රමවේදයක් හරහා ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයන්ට, නිර්මාණකරුවන්ට සහ සේවා සපයන ආයතනවලට සෘජුවම පාරිභෝගිකයන් සම්බන්ධ කෙරේ. අලෙවිය සම්බන්ධයෙන් කීර්තිනාමය, භාෂාව, අසල්වැසි විශ්වාසය සහ සමාජයීය හිතවත්කම් බලපාන ශ්‍රී ලංකාව වැනි රටක, ජනතා ඉල්ලුම එකම ඩිජිටල් අවකාශයක ගොනු කරමින්, ප්‍රචාරණ ක්‍රමවේද ඉක්මවා පුළුල් සමාජ කාර්යභාරයක් ඉටු කෙරෙනු ඇත.
එම ප්‍රචාරණ ක්‍රමවේදය තුළින් ZKTOR වෙත දකුණු ආසියානු කලාපයේ ප්‍රබල වෙළෙඳ ශක්තියක් හිමිකර ගැනීම අපේක්ෂාවයි. පෞද්ගලික සබඳතා, දේශීය ජනමාධ්‍ය සහ අවිධිමත් ප්‍රචාරණ ක්‍රම මත රැඳී පවතින කලාපයේ සුවිශාල ප්‍රචාරණ ක්ෂේත්රය, ZHAN ඔස්සේ සාර්ථකව එකම ඩිජීටල් පද්ධතියක ඒකාබද්ධ කෙරේ. ඒ අනුව, පාරිභෝගික ආකර්ෂණය හා ස්ථාවර ආදායම් මාර්ගයක්ද සහිත සැබෑ ආර්ථික අවකාශයක් බවට ZKTOR පත් කිරීම අරමුණයි.
මෙම ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දේශීය ප්රවෘත්ති විදේශයන් වෙත රැගෙන යන Subkuz පද්ධතියත්, දේශීය අන්තර්ජාල වෙළෙඳාමට මග පාදන Ezowm පද්ධතියත් එක් කර පුළුල් කරන අතර, එහි AI සහ ආරක්ෂණ ක්‍රියාවලිය Hola AI මගින් සහතික කෙරේ. ඒ අනුව ZKTOR, සමාජයීය අන්තර් සම්බන්ධතා, දේශීය තොරතුරු, වෙළෙඳාම සමගින් AI සහය සහ ප්‍රචාරණය එකිනෙක යා කෙරුණු, ප්‍රබල ව්‍යුහයකි.
ඉන්දියානු ග්‍රාමීය සම්භවයක් සමගින් ෆින්ලන්ත නිර්මාණ සංස්කෘතිය තුළින් 20 වසරකට අධික කාලයක් පන්නරය ලද, Softa නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී සුනිල් කුමාර් සිංහගේ අදහස, සමාජ මාධ්‍යයේ වසර ගණනක් පැරණි දත්ත ආරක්ෂණ ක්‍රමවේද, තවමත් ප්රමුඛ අංග ලෙස භාවිත නොවන බවයි. ඊට විසඳුමක් වන ZKTOR, අපේ කලාපයේ පරිශීලකයින්ට සුරක්ෂිත හා වඩාත් ගෞරවාන්විත සමාජ මාධ්‍යයක ශක්තිය විදහා දක්වමින්, එහි ව්‍යුහය තුළින්ම ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාවට නංවනු ලබයි.
ZKTOR දකුණු ආසියාව පුරා ව්‍යාප්ත වීමත් සමඟ, ශ්‍රී ලංකාවට මින් උදාවන ඵල ප්‍රයෝජන අතිමහත්ය. ක්ෂේත්‍ර රැසක නව රැකියා අවස්ථා තරුණ පරපුරට විවර වන අතරම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලටත්, කාන්තා ව්යවසායිකාවන්ටත් ඉහළම ප්‍රචාරණයක් සමගින් තම වෙළෙඳ පොළ පුළුල් කරගැනීමට මග පෑදේ. භූතානය, පකිස්ථානය සහ මාලදිවයින කරා ද beta ව්‍යාප්තිය හරහා සිය සේවාවන් වඩාත් පුළුල් කිරීමට සැරසෙන ZKTOR, ඉන්දීය විශ්වසනීය තාක්ෂණය හා දේශීය වෙළෙඳ පොළ සම්බන්ධ ප්‍රධාන සාධකයක් මෙන්ම, දකුණු ආසියානු කලාපයේ ප්රබලතම මිනුම් දණ්ඩ බවටද පත් වෙයි.
