Bitget හි ඩිජිටල් ටෝකන් කොටස් පරිමාව ඩොලර් බිලියන 18 ඉක්මවයි: Messari වාර්තාවෙන් කියයි

වෙළෙඳ පොළ ව්‍යුහයේ සහ කොටස් ඩිජිටල්කරණ ක්‍රියාවලියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ලොව ප්‍රමුඛතම විශ්වීය විනිමය හුවමාරුවක් (UEX) වන Bitget හි ඩිජිටල් ටෝකන් කොටස් ගනුදෙනුවල සමස්ත වටිනාකම ඩොලර් බිලියන 18 ඉක්මවා ඇති බව Messari පර්යේෂණ වාර්තාව හෙළි කරයි. 2025 දෙසැම්බර් වන විට සටහන්ව ඇති මෙම වර්ධනය සඳහා ආයතනික ආයෝජකයින්ගේ සහභාගීත්වය 82% ක් දක්වා ඉහළ යාමද බලපා ඇති අතර, එය ආයෝජකයින් සාම්ප්‍රදායික කොටස්වල සිට ඩිජිටල් වත්කම් දක්වා යොමු වීමේ ව්‍යුහාත්මක වෙනසක් ලෙස විශේෂයෙන් අවධාරණය කෙරේ.

image

2025 ජූලි මාසයේ හඳුන්වා දුන් මෙම අංශය Bitget තුළ වේගයෙන්ම වර්ධනය වන අංශය බවට පත්ව ඇත. නොවැම්බර් මාසයේදී පමණක් වූ අනාගත ඩිජිටල් කොටස් පරිමාවේ වටිනාකම, ඩොලර් බිලියන 13.6 ක අගයකින් වාර්තා වූ අතර, දෙසැම්බර් මුල් සතියේදී සාමාන්‍ය කොටස් ගනුදෙනු වටිනාකම ඩොලර් මිලියන 88 ද ඉක්මවනු ලැබීය. Ondo හි ටෝකන් බවට පත් කළ සමස්ත කොටස් පරිමාවෙන් 73% ක ප්‍රතිශතයක් වාර්තා කරන මෙම වර්ධනය තුළින්, පවතින ඩිජිටල් යටිතල පහසුකම් බාධා අභිබවමින්, විවිධ වත්කම් වර්ග හරහා සාම්ප්‍රදායික කොටස් ගනුදෙනුවලට පිවිසීමට පවතින ජාත්‍යන්තර ඉල්ලුම මෙයින් මනාව පැහැදිලි වේ.

‘ඩිජිටල් ටෝකන් බවට පත්කරන ලද කොටස්’ අලෙවිය ප්‍රධානතම ගනුදෙනු ක්‍රමවේදය වූ Bitget විශ්වීය විනිමය හුවමාරුව (UEX) මගින් සාමාන්‍ය කොටස් අලෙවිය, On-chain වත්කම් සහ AI තාක්ෂණය එකම වේදිකාවක ඒකාබද්ධ කර ඇත. මේ හරහා ලොව පුරා ආයෝජකයින්ට, ඇමරිකානු වෙළෙඳ පොළ වසා ඇති වේලාවන්හිදී පවා පැය 24 පුරාම ලාභාංශ නිවේදන, ගෝලීය ආර්ථිකය වෙනස් වීමට බලපාන සාධක සහ මිල උච්චාවචනයන් හමුවේ ක්ෂණිකව කටයුතු කළ හැකිය. මේ වන විට මෙම අලෙවියෙන් 39.6% ක් නැගෙනහිර ආසියාවෙන් වාර්තා වන අතර ලතින් ඇමරිකාව හා යුරෝපය තුළ ද ඉල්ලුම ඉහළ යමින් පවතී.

Bitget ප්‍රධාන විධායක නිලධාරීනි Gracy Chen පවසන්නේ, “ටෝකන් බවට පත් කරන ලද කොටස් දැන් පර්යේෂණ මට්ටම ඉක්මවා සැබෑ වෙළඳපොළ ගනුදෙනු දක්වා වර්ධනය වී ඇති බවයි. “පැය 24 පුරා ක්‍රියාත්මක වන වෙළෙඳ පොළවල්, On-chain පියවීම් සහ ඒකාබද්ධ වත්කම් කළමනාකරණය හරහා ලොව පුරා ආයෝජකයින් සම්ප්‍රදායික වත්කම් පරිහරණය කරන ආකාරයෙහි මූලික වෙනසක් සිදුවෙමින් පවතිනවා. මේවා දැන් හුදු විශේෂාංග නොව, ආයෝජකයින්ගේ මූලික අවශ්‍යතා බවට පත් වෙමින් ති‌බෙනවා.” එමෙන්ම, Tesla (ඩොලර් බිලියන 6.3), Meta, MicroStrategy, Apple සහ Google වැනි ප්‍රධාන සමාගම් කිහිපයක් වටා ආයෝජන විශාල වශයෙන් ඒකරාශී වී ඇති බව ද මෙම වාර්තාව පෙන්වා දෙයි.

“ටෝකන් බවට පත්කළ කොටස්වලට අමතරව, ආරම්භයේ පටන්, ‘Bitget Onchain’ ජාලය හරහා ඩොලර් බිලියන 2.4 කට අධික සමුච්චිත ගනුදෙනු ප්‍රමාණයක් සිදුව තිබෙනවා. ඒ හරහා ආයෝජකයින්ට, තමන් සතු මධ්‍යගත හුවමාරු (CEX) ශේෂයන් භාවිතයෙන්,  Solana, BNB Chain, Ethereum, Base සහ Morph ජාල මගින් කොටස්  හුවමාරු කිරීමට අවස්ථාව සැලසෙනවා. 

වෙළෙඳ පොළ ව්‍යුහය විසිරී පැවතීම වෙනුවට එකම පද්ධතියක් තුළට ඒකාබද්ධ වීම, මෙහි කැපී පෙනෙන ලක්ෂණයක්. ඩිජිටල් මෙන්ම සාමාන්‍ය කොටස් ගනුදෙනු සඳහා ආයෝජකයින් දැන් වැඩි වශයෙන්ම තෝරාගන්නේ, මෙවැනි ඒකාබද්ධ Platforms” යනුවෙන් Messari විශ්ලේෂක Shale Ferdana අවධාරණය කරයි.

කොටස් වෙළෙඳ පොළ මෙහෙයවන ප්‍රධාන සාධකයක් ලෙස ආයතනික දායකත්වය සැලකේ. Bitget හි සෘජු ඩිජිටල් ටෝකන් ගනුදෙනුවල ආයතනික සහභාගීත්වය 39.4% සිට 82% දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, අනාගත ඩිජිටල් කොටස් ගනුදෙනුවලින් 60% ක්ම ‌කොටස් තැරැව්කාර ආයතන හරහා සිදුකර තිබීමද විශේෂත්වයකි. වෙළඳපොළේ මිල ගණන් වේගයෙන් වෙනස් වන අවස්ථාවලදී පවා ඉහළ ද්‍රවශීලතාවයකින් යුතුව ගනුදෙනු කිරීමට මේ හරහා මග පෑදී තිබේ.

අවසාන වශයෙන්, Bitget හි UEX ආකෘතිය මගින් ඩිජිටල් කොටස්, සාමාන්‍ය කොටස් සහ ආයතනික ද්‍රවශීලතාවය එකම පද්ධතියක් තුළ ඒකාබද්ධ වීම පිළිබිඹු කරයි. මේ හරහා ගෝලීය ප්‍රාග්ධනය වෙළෙඳ පොළවල් කරා ප්‍රවේශ වන ආකාරයේ සම්පූර්ණ වෙනසක් සිදුවෙමින් පවතින බව ඉහත වාර්තාව පෙන්වා දෙයි.