British Council හි නවතම ඉංග්‍රීසි මධ්‍යස්ථානය 2026 ජනවාරි 28 දින ගම්පහදී විවෘත විය. ගම්පහ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම මධ්‍යස්ථානයේදී වයස අවුරුදු 6 සහ ඊට ඉහළ වයස්වල සිසුන්ට මෙන්ම වැඩිහිටියන්ට සහ රැකියාවන්හි නියුතු වෘත්තිකයන්ටද ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ඉංග්‍රීසි භාෂා පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමි වේ..



British Council යනු ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය සම්බන්ධයෙන් මුළුමහත් ලෝකයේම විශ්වාසය දිනාගත් ආයතනයකි. ඉංග්‍රීසි ඉගැන්වීම සම්බන්ධයෙන් වසර 90 කට අධික ජාත්‍යන්තර පළපුරුද්දක් හිමි British Council මේ වන විට ශ්‍රී ලංකාව තුළ වසර 80 කට ආසන්න සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ. ගම්පහ ප්‍රද්ශයේ නව British Council මධ්‍යස්ථානය විවෘත වීමත් සමඟ එම ප්‍රදේශයේ සිසුන්ටද දැන් ගෝලීය British Council ප්‍රමිතියෙන් යුත් ජාත්‍යන්තර තලයේ ඉංග්‍රීසි පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමි වී ඇත.


නව මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල්වල විදුහල්පතිවරුන්, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, වෙනත් අධ්‍යාපන ආයතනවල නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු ආරාධිතයන් පිරිසක් සහභාගී වූහ. මෙය ගම්පහ ප්‍රදේශයේ සිසුන්ගේ යහපත වෙනුවෙන් එම ප්‍රදේශයේ අධ්‍යාපන ආයතන සමඟ සමීපව කටයුතු කිරීමට British Council සූදානමින් සිටින බවට මනා සාක්ෂියකි.

“ගම්පහ යනු දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා කේන්ද්‍රස්ථානයක් වශයෙන් පවතින නගරයක්. මෙම නව මධ්‍යස්ථානය නිසා ගම්පහ සහ ඒ අවට සිසුන්ට වඩාත් පහසුවෙන් උසස් තත්ත්වයේ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා ගැනීමට අවස්ථාව හිමි වේවි. අපගේ මධ්‍යස්ථානයක් ගම්පහ ප්‍රදේශයේ විවෘත කරමින්, මෙම ප්‍රදේශයේ සිසුන්ට සිය අධ්‍යාපන, වෘත්තීය සහ ගෝලීය අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම සඳහා සහාය වීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා” ගම්පහ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේදී අදහස් දක්වමින් British Council Sri Lanka මෙරට අධ්යක්ෂ ඔර්ලැන්ඩෝ එඩ්වර්ඩ්ස් මහතා පැවසීය.

දෙවැනි පේළිය – කැම් ස්ටීවන්ස් (ජ්‍යෙෂ්ඨ ගුරු, ප්‍රාථමික), මාර්ක් බානබස් (ව්‍යාපාර සමූහ කළමනාකරු – දකුණු ආසියාව සහ මියන්මාරය), පැට්රික් හිගින්ස් (ආසියා පැසිෆික් කලාපයේ ප්‍රාදේශීය ඉගැන්වීමේ විශිෂ්ටතා පුහුණු නායක – වැඩිහිටි), ඔර්ලැන්ඩෝ එඩ්වර්ඩ්ස් (British Council මෙරට අධ්යක්ෂ), ටෙවින්ද තෙම්පාන (කළමනාකරු – ඉගැන්වීමේ මෙහෙයුම්) සහ රිෆ්ෂාන් රෆීක් (කළමනාකරු – විකුණුම් සහ පාරිභෝගික කළමනාකරණ – ඉංග්‍රීසි)
ගම්පහ British Council English Centre හිදී සිසුන්ට සිය ආත්ම විශ්වාසය, සන්නිවේදන කුසලතා සහ රැකියා සුදුසුකම් වැඩිදියුණු කරගැනීමට ඉවහල් වන විශ්වාසනීය ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයක් හිමි වනු ඇත. සිසුන් කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් ඔස්සේ, නවීනතම ඉගැන්වීම් ක්‍රමවේද සමඟින් සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා පරිචය වැඩිදියුණු කරමින් ඔවුන්ට ගෝලීය අවස්ථා උදා කර දීමට ගම්පහ British Council English Centre සූදානමින් සිටී. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.britishconcil.lk වෙතින් ලබාගත හැකි වේ.
මෙම නව මධ්‍යස්ථානය විවෘත කිරීම, ශ්‍රී ලංකාව පුරා වෙසෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උසස් තත්ත්වයේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයක් ලබාගැනීමට ඇති අවස්ථා පුළුල් කිරීම සඳහා British Council දරන අඛණ්ඩ උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ.
British Council මෑතකදී එහි ඉගෙනුම් මධ්‍යස්ථාන හරහා වෘත්තීය ව්‍යාපාරික කුසලතා පාඨමාලා එකතුවක්ද හඳුන්වා දී තිබේ. ළඟම පිහිටි British Council මධ්‍යස්ථානය වෙත පැමිණීමෙන් හෝ දුරකථන ඇමතුම් මඟින් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැක. (https://www.britishcouncil.lk/about/contact).
