HNB Finance පසුගිය වසරට සාපේක්ෂව 152% ක වර්ධනයක් සමඟින් 

පළමු මාස නවයේදී රු. බිලියනය ඉක්මවන බදු පසු ලාභයක් වාර්තා කරයි

image 1 mr. rajive dissanayake chairman hnb finance plc

2025 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ මාස නවය සඳහා HNB Finance රු. බිලියන 1.15 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 152% ක වර්ධනයකි. HNB Finance හි මාස නවයක කාර්යසාධනය සඳහා රු. බිලියනයේ සීමාව පසු කළ පළමු අවස්ථාව මෙයයි. සමාගමේ බදු පෙර ලාභය (PBT) 209% කින් ඉහළ ගොස් රු. බිලියන 1.88 ක් විය. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ සමාගම එහි ප්‍රධාන ව්‍යාපාරික ක්‍රියාකාරකම්වලින් ඉපැයීම වැඩි වීම සහ ශේෂ පත්‍රයේ වර්ධනයයි.

image 2 mr. chaminda prabhath md ceo hnb finance plc

මෙම කාල පරිච්ඡේදයේදී දළ ආදායම 35% කින් රු. බිලියන 12.93 ක් දක්වා වර්ධනය වූ අතර ශුද්ධ පොලී ආදායම 52% කින් ඉහළ ගොස් රු. බිලියන 6.03 ක් විය. මෙය කළඹ පුරා වඩා හොඳ ඉපැයීම් කාර්ය සාධනයක් පිළිබිඹු කරයි. මෙමගින් HNB Finance එහි සමස්ත සේවා කළඹ හරහා ශක්තිමත් ආදායමක් උපයන බව පෙන්නුම් කරයි.

hnb finance plc

පළමු මාස නවයේදී HNB Finance හි වත්කම් 46% කින් රු. බිලියන 85.6 ක් දක්වා වර්ධනය වූ අතර 2025 මාර්තු මාසයට සාපේක්ෂව සමස්ත ණය කළඹ 53% කින් ඉහළ ගොස් රු. බිලියන 77.2 ක් විය. මේ හේතුවෙන් සමාගමට අනෙක් තරඟකරුවන්ට වඩා සිය වෙළඳපල කොටස වැඩි කරගැනීමට හැකි විය. ලීසිං කළඹ 81% කින් වර්ධනය වී රු. බිලියන 48.5 ක් වූ අතර රන් ණය 52% කින් එනම් රු. බිලියන 13.6 ක් දක්වා වර්ධනය විය. ප්‍රධාන වශයෙන් ගනුදෙනුකාරභවතුන්ගේ තැන්පතුවලින් සමාගමේ මුළු ණය වර්ධනය වූ අතර අදාල කාල පරිච්ඡේදයේදී තැන්පතු 45% කින් වර්ධනය වී රු. බිලියන 61.0 ක් විය. මෙයින් එම කාලය තුළ HNB Finance සතු ශක්තිමත් සහ විශ්වාසදායක තැන්පතු පදනම පෙන්නුම් කෙරේ. 

මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් HNB Finance සභාපති රජීව් දිසානායක මහතා පැවසුවේ ‘’මාස 9ක් තුළ රුපියල් බිලියනයක බදු පසු ලාභයක් (PAT) ඉක්මවීම සමාගමේ උපායමාර්ග සැලසුම්වල සාර්ථකත්වය සහ විචක්ෂණශීලීව එය ක්‍රියාත්මක කර ඇති ආකාරය පෙන්නුම් කරනවා. මෙය අත්කර ගැනීම සඳහා කැපවීමෙන් සහ වෙහෙස මහන්සි වී කටයුතු කළ අපගේ කළමනාකාරිත්වයට සහ කාර්ය මණ්ඩලයටත් අප කෙරෙහි තබා ඇති විශ්වාසය වෙනුවෙන් ආයෝජකයින්ට හා කොටස් හිමියන්ට මෙන්ම අඛණ්ඩ සහයෝගය ලබා දුන් අපගේ වටිනා ගනුදෙනුකරුවන්ටත් මා ස්තූතිවන්ත වෙනවා. රට තුළ පද්ධතිමය වශයෙන් වැදගත් බැංකු නොවන මූල්‍ය ආයතනයක් බවට පත් වෙමින් අපගේ ගනුදෙනුකරුවන්ට සහ පුළුල් ආර්ථිකයට සහාය වන වගකිවයුතු මූල්‍ය විසඳුම් අඛණ්ඩව ලබා දීමට අප කැපවෙනවා.’’ යනුවෙනි.

“ණය ලබා දීම සහ අරමුදල් සැපයීම යන අපගේ ප්‍රධාන ක්ෂේත්‍රවල විශේෂයෙන් ලීසිං, රන් ණය සහ තැන්පතුවල ශක්තිමත් ප්‍රගතියක් පෙන්නුම් කරනවා. විචක්ෂණශීලීව අවදානම් කළමනාකරණය, ශක්තිමත් මෙහෙයුම් පාලනය සහ පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරමින් සියලුම කොටස්කරුවන්ට දිගුකාලීන ප්‍රතිලාභ නිර්මාණය කිරීම අපගේ අරමුණයි.’’ යනුවෙන් HNB Finance කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා සඳහන් කළේය.

Image 1 – HNB Finance සභාපති රජීව් දිසානායක

Image 2 – HNB Finance කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත්