එළඹෙන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් විශේෂිත වට්ටම් සහ දීමනා රැසක් හඳුන්වාදීමට Sun Siyam Pasikudah හෝටලය පියවර ගෙන තිබේ. අති සුන්දර නැගෙනහිර මුහුදු තීරයේ පිහිටි Sun Siyam Pasikudah හිදී රෝමාන්තිකබව මෙන්ම ස්වභාව සෞන්දර්යය ද කැටිකරගත් සුඛෝපභෝගී නිවාඩුවක් ගතකිරීමේ අවස්ථාව ආදරවන්තයින්ට හිමිවේ.



ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් හිමිවන විශේෂ වට්ටම් සහ දීමනා අතර විශේෂිතම දීමනාවක් වන්නේ room upgrade සඳහා සියයට 50ක දැවැන්ත වට්ටමක් හිමිවීම ය. ඊට අමතරව, ආහාරපාන වෙනුවෙන් සියයට 15ක වට්ටමක් ද, දෙදෙනෙකු වෙනුවෙන් ස්පා පහසුකම් පිරිනැමීමේදී සියයට 15ක වට්ටමක් ද හිමිවේ.
මේ සියලු වට්ටම් දීමනා අතර මුහුදු වෙරළේ ඉටිපන්දම් එළියෙන් ආලෝකමත් වුණු රාත්‍රී ආහාරවේලක් රසවිඳීම ඇතුළු තවත් රෝමාන්තික අත්දැකීම් රැසක් පිරිනැමීමට හෝටල් කාර්යමණ්ඩලය සූදානමින් සිටී. එමෙන්ම නිසල සහ සුපිරිසිදු මුහුදු වෙරළක් ලෙස ප්‍රකට පාසිකුඩා මුහුදු වෙරළ එහි රෝමාන්තිකබව තවත් වැඩිකරනු ඇත.
දේශීය සංචාරකයින් වෙනුවෙන් ද විශේෂිත වට්ටම් හඳුන්වාදීමට හෝටලය කටයුතුකර තිබේ. ඒ අනුව අවම වශයෙන් රාත්‍රී දෙකක් නවාතැන් ගන්නා දේශීය සංචාරකයින් වෙනුවෙන් නොමිලයේ room upgrade පිරිනැමීමට (ඉඩකඩ පවතිනබව අනුව) ද , ආහාරපාන සඳහා සියයට 20ක වට්ටමක් ද ලබාදීමට ද පියවර ගෙන තිබේ. තවත් විශේෂත්වයක් වන්නේ සංචාරකයින් හෝටල් පහසුකම් සහ අත්දැකීම් විඳින අතරතුර ඔවුන් කාලසීමාවන්ට කොටු නොකර ඔවුන්ට නිදහසේ එම අත්දැකීම් විඳීමට උපරිම අවස්ථාව ලබාදීමයි.
පැවිලියන් මාදිලියේ නවාතැන් පහසුකම් 34කින් පමණක් සමන්විත බැවින් Sun Siyam Pasikudah හිදී ඝෝෂාකාරීත්වයකින් තොර සැබෑම විවේකී නිවාඩුවක් ගතකිරීමේ අවස්ථාව දෙස් විදෙස් සංචාරකයින්ට හිමිවේ. එමෙන්ම හෝටලය සතු ස්පා පහසුකම මගින් ශාරීරික සහ මානසික සුවය තවත් වැඩිකරනු ලැබේ.
Sun Siyam Pasikudah මගින් පිරිනැමෙන ආහාරපාන අත්දැකීමට ඊටම ආවේණික සුවිශේෂී අත්දැකීමකි. Beach Shack අවන්හලේදී වෙරළබඩ අවන්හලකදී හිමිවන ආහාරපාන අත්දැකීමක් ද, Slice and Grill අවන්හලේදී උසස් තරු පන්තියේ ආහාර අත්දැකීමක් ද හිමිවන අතර, රාත්‍රී අහස යට මුහුදු වෙරළේ ආහාර ගැනීමේ අවස්ථාව ද අවශ්‍යතාව අනුව පිළියළ කරදෙනු ලැබේ.
පාසිකුඩා මුහුදුවෙරළ විවිධ ජලක්‍රීඩා ආදියේ නිරතවීමට ද තෝතැන්නකි. මුහුදේ පිහිනීමට මෙන්ම, ස්නෝක්ලින් ඇතුළු ජලක්‍රීඩාවල යෙදීමට ද අවස්ථාව සංචාරකයින්ට හිමිවේ. මේ සියලු අත්දැකීමක්ම තිරසර ලෙස පිරිනැමීමට හෝටලය පියවර ගෙන තිබීම ද කැපීපෙනේ.
සිය ආගන්තුක සත්කාරය සහ නිර්මාණ සැලසුම්කරණය වෙනුවෙන් ජාත්‍යන්තර ගෞරව බුහුමන් දිනාගැනීමට පවා Sun Siyam Pasikudah සමත්ව තිබේ. විශේෂයෙන්ම Tripadvisor Travelers’ Choice Awards 2025 ශ්‍රේණිය හිමිකරගනිමින් ලොව හොඳම හෝටල් සියයට 10 අතරට තේරී පත්වීම, Sun Siyam Pasikudah ලද සුවිශේෂී ජයග්‍රහණයකි. ඊට අමතරව Global Peace Hospitality Awards 2025 හිදී Luxury Beachfront Retreat of the Year සම්මානය ද හිමිවුණු අතර Homes and Gardens Design Awards හිදී හෝටලයේ ගෘහ නිර්මාණ ශිල්පය සහ අභ්‍යන්තර අලංකරණය වෙනුවෙන් ද ගෞරව බුහුමන් හිමිවිය.
වෙන්කරවාගැනීම් සහ වැඩිදුර තොරතුරු සඳහා www.sunsiyam.com/sun-siyam-pasikudah/ වෙබ් අඩවියට පිවිසීමට හෝ 065 205 5555 දුරකථනය ඇමතීමට අවස්ථාව තිබේ.
– අවසන් –
