කලාපීය වෙළෙඳාමේ සහ දත්ත ආරක්ෂණයේ නව යුගයක් සනිටුහන් කරන ZKTOR හි ආගමනයත් සමඟින් ශ්‍රී ලංකාවේ කාර්යභාරය අතිශය තීරණාකත්මක වේ.
දකුණු ආසියානු කලාපය පුරා නවතම ව්‍යාප්තිය සනිටුහන් කරන, ZKTOR හි ආගමනය ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් කාරණයකි. හුදෙක් සන්නිවේදන මෙවලමකට එහා ගිය සුවිශේෂී ඩිජිටල් අත්දැකීමක් ලෙස Softa Technologies ආයතනය විසින් හඳුන්වා දුන් මෙම සමාජ මාධ්‍ය අවකාශය, මේ වන වීට සමාජ මාධ්‍ය ව්‍යාප්තියෙන් ඔබ්බට යමින්, විට ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ලක්ෂ පහකට අධික ‘beta’ පරිශීලකයින් පිරිසකගේ නොමඳ ආකර්ෂණයට පාත්‍ර වෙමිනි. ඒ සමගින්, ‘Gen Z’ පරපුර සහ තරුණ කාන්තාවන් අතරද සීඝ්‍ර ජනප්‍රියත්වයක් අත්පත් කරගනිමිනි. ඉන් පැහැදිලි වන්නේ, දකුණු ආසියානු කලාපීය මාධ්‍යයේ විශ්වාසනීය ඉන්දීය තාක්ෂණය වෙනුවෙන් ZKTOR, ශක්තිමත් ලෙසින් පදනම දමා ඇති බවයි.

කලාපය පුරාම AI අවදානම, මවාපෑම්, අනාරක්ෂිත සයිබර් පරිසරය, පෞද්ගලික දත්ත අවභාවිතය මෙන්ම ඩිජිටල් හැසිරීම් නිරීක්ෂණය වැනි ගැටලු පවතින මේ යුගයේ, ජනතාවගේ පෞද්ගලිකත්වය හා දත්ත ආරක්ෂාව ඇතුළුව සියලු ආරක්ෂණ ගැටලුවලට විසඳුම් එකම තැනකින් පිරිනමන සමාජ මාධ්‍යයක් ලෙසින් ZKTOR ශ්‍රී ලංකාව කරා සපැමිණීම වඩාත් සුවිශේෂී වෙයි. ඉන්, Zero Knowledge Server සහ No URL Media Architecture වැනි නවීන ආරක්ෂණ විශේෂාංග සමගින් ව්‍යුහාත්මක ආරක්ෂාව සලසන අතරම, ඩිජිටල් හැසිරීම් නිරික්ෂණය වළකමින්, පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂාව උදෙසා Multi-layer encryption විසඳුම සමගින් අවකාශයේ පාලනය සම්පූර්ණයෙන්ම ඔවුන් අතට පත් කරයි. ඒ අනුව මෙය, ‘ඩිජිටල් අවකාශයට නිරාවරණය වීම, අනාරක්ෂිත වීමක් නොව, පූර්ණ රැකවරණය සහිතව ආරම්භ විය යුත්තක්’ බවට, කියාපාන විසඳුමකි.
සමාජ මාධ්‍යය පරිහරණය, පවුලේ සුරක්ෂිතතාවය, සමාජ ගෞරවය, මව් භාෂාව හා සමාජ විශ්වාසය ආදිය කෙරෙහි සුවිශාල ලෙස බලපාන ශ්‍රී ලංකාව වැනි රටවලට, ඉහත කියමන ප්‍රායෝගිකවද වඩාත් ගැළපේ. ඒ අනුව, වඩාත් පිරිසිදු සමාජ මාධ්‍ය අවකාශයකට ඉඩකඩ විවර කරන ZKTOR, රටපුරා නිවාස, පාසල් හා ව්‍යාපාරික ආයතන සඳහා භාවිත කළ හැකි අවකාශයක් වන අතර, හඳුන්වාදුන් මුල් අවධියේම එය මෙලෙස තරුණ කාන්තාවන්ගේ හා Gen Z පරපුරේ ආකර්ෂණය දිනාගැනීම සමාජීය වශයෙන් මෙන්ම, ක්රමවේදීය වශයෙන්ද වැදගත් වෙයි.
ZKTOR වේදිකාව නිර්මාණය කිරීමේ ගාමක බලවේගය වන්නේ එහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී සුනිල් කුමාර් සිං මහතායි. ග්‍රාමීය ඉන්දීය පසුබිමකින් පැමිණි ඔහු, දශක දෙකකට වැඩි කාලයක් ෆින්ලන්තයේ විනයගරුක මෙන්ම පුද්ගල අයිතිවාසිකම් අගය කරන නිර්මාණ සංස්කෘතියක් ඇසුරේ අත්දැකීම් ලබාඇති ඔහු විශ්වාස කරකන්නේ, පරිශීලකයින්ගේ ආරක්ෂාව සඳහා වන තාක්ෂණයන් වසර ගණනාවක් තිස්සේ පැවතුණ ද, ඒවා බොහෝ විට මූලික සැකසුම් ලෙස ක්‍රියාත්මක නොවන බවයි. එම විශ්වාසය මත පදනම්ව, පරිශීලකයාගේ ගෞරවය, පාලනය සහ අවභාවිතයන් වැළැක්වීම, ZKTOR මූලිකාංග බවට පත්කර තිබේ.
ZKTOR හරහා ඉදිරිපත් කරන පුළුල් සමාජ මාධ්‍ය ක්‍රමවේදය, විශ්වාසය පාදක කරගත් මෙම අවකාශයට ආර්ථිකමය වටිනාකමක්ද එක් කිරීමට සමත් වේ. ඒ අනුව ඊට ඒකාබද්ධ කෙරෙන, Subkuz හරහා දේශීය පුළුල් විදෙස් පරිශීලකයින් පිරිසක් වෙත රැගෙන යාමටත්, Ezowm මගින් දේශීය වෙළෙඳාම සඳහා විදෙස් වෙළෙඳ පොළ අවකාශ නිර්මාණය කිරිමටත් අපේක්ෂිත අතර, සමස්ත පද්ධතියේ බුද්ධිමය සහ ආරක්ෂක ස්ථරය ලෙසින් Hola AI ක්‍රියා කරයි.
එපමණක් නොව, මේ සමග දියත් වන ZHAN ප්‍රචාරණ ජාලයේ ඔස්සේ, ව්‍යාපාර, නිර්මාණකරුවන් සහ සේවා සපයන ආයතනවලට කලාපය පුරා පාරිභෝගිකයින් සම්බන්ධ කිරීමද අරමුණයි. මනා විනිවිදභාවයකින් යුතුව සිදුකිරීමට නියමිත මෙම කර්තව්‍යයේ සාර්ථකත්වය, භාෂා ගැටලු හා විශ්වාසය පිළිබඳ ගැටලු හේතුවෙන් දේශීය වශයෙන් විසිරී පවතින කලාපයේ වෙළඳපොළවල් විධිමත් ලෙස සංවිධානය කිරීමටද එය මනා පිටුවහලක් වනු නිසැකය.
ඒ අනුව, මේ හරහා ශ්‍රී ලංකාවට, සමාජ මාධ්‍ය භාවිතයෙන් ඔබ්බට විහිදුණු සුවිශාල අවස්ථාවන් රාශියක්ද අත්පත් කරගත හැකි වේ. ඒ, භූතානය, පකිස්ථානය සහ මාලදිවයින යන රටවල්වල Beta පරීක්ෂණ ව්‍යාප්තියත් සමගින් කලාපීය වශයෙන් පුළුල් ගමනක නියැළෙන ZKTOR හරහා, මෙහෙයුම්, අලෙවිකරණ සහ ඩිජිටල් සේවා ආදී ක්ෂේත්‍ර රැසකම නව අවස්ථා මෙරට තරුණ පරපුරට විවර වන බැවිනි.
මෙම ආගමනය, එක් සමාජ මාධ්‍යයකට පමණක් සීමාවන්නක් නොවේ. ඉන් කියවෙන්නේ, ඉන්දියාව, ඩිජිටල් අවකාශ පරිහරණය කිරීමෙන් පමණක් නොනැවතී, දකුණු ආසියානු සමාජ මාධ්‍යය යථාර්ථය සඳහා සුදුසුම ආකෘති ගොඩ නගන බවයි. ඒ අනුව, ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත දකුණු ආසියා කලාපය සඳහාම, විශ්වාසය, පෞද්ගලිකත්වය සහ දේශීය අනන්‍යතාවය මත පදනම් වුණු ඩිජිටල් ස්වෛරීභාවයේ මීළඟ අදියර හැඩගැස්වීමෙහිලා ZKTOR, මනා පරීක්ෂණයක් බවටද පත්වනු ඇත.
