ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) විසින් එක්සත් රාජධානියේ University of Surrey විසින් ප්‍රදානය කරනු ලබන ආසියාවේ ප්‍රථම Digital Health ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව ආරම්භ කරමින් කළාපීය සෞඛ්‍ය අධ්‍යාපනයේ සහ ඩිජිටල් නවෝත්පාදනයේ වැදගත් මංසන්ධියක් සනිටුහන් කර ඇත. ලෝකය පුරා සෞඛ්‍ය පද්ධති වේගයෙන් ඩිජිටල් තාක්ෂණය අනුගමනය කරන මෙම යුගයේ, […]
Category: SINHALA
HNB බණ්ඩාරගම පාරිභෝගික ඒකකය නව නිවහනකට
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය බණ්ඩාරගම පාරිභෝගික ඒකකය අංක 111, හොරණ පාර, බණ්ඩාරගම යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි නව නිවහනකට පසුගියදා ගෙන යන ලදී. උත්සවාකාරයෙන් විවෘත කෙරුණු මෙය බැංකු ක්ෂේත්‍රයේ පුරෝගාමිකයෙකු ලෙස HNB හි දිගුකාලීන නායකත්වයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. මෙම විවෘත කිරීමේ උත්සවයට HNB විධායක උප සභාපති/ශාඛා […]
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය මෙරට ටෙනිස් ක්‍රීඩාවේ දීර්ඝකාලීන දියුණුව අරමුණු කරගත් ප්‍රිමියර් ලීග් තරගාවලියක ආරම්භය නිවේදනය කරයි
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය විසින් අද දින ‘ශ්‍රී ලංකා ටෙනිස් ප්‍රිමියර් ලීග්’ [Sri Lanka Tennis Premier League (SLTPL)] තරගාවලියේ ආරම්භය නිල වශයෙන් නිවේදනය කරන ලදි. මෙය මෙරට ටෙනිස් ක්‍රීඩාවේ ඉදිරි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක. ප්‍රථම වරට පැවැත්වෙන මෙම තරගාවලිය 2026 අප්‍රේල් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිතය. වෘත්තීයමය පරිපාලනයකට යටත්ව ෆ්‍රැන්චයිස් (Franchise) ක්‍රමයට […]
KANDY MYST BY CINNAMON කන්ද උඩරට ආගන්තුක සත්කාරයේ වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරයි
කන්ද උඩරට අලංකාරත්වයට නවමු අත්දැකීමක් සමඟින් සංස්කෘතිය, මානව ජීවන රටාව හා ආර්ථිකය යන අංශවල සුවිසල් වෙනසක් ඇති කිරීමට දායක වූ Kandy Myst by Cinnamon සිය පළමු සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. 2025 පෙබරවාරි මස 12 වන දින Cinnamon Hotels & Resorts සහ Indra Traders (Pvt) Ltd හි හවුල්කාරීත්වය යටතේ ඇරඹි මෙය අද වන විට ශ්‍රී ලාංකේය […]
ශ්‍රී ලංකාවේ අලුත් වාහන වෙළඳපොලේ ප්‍රමුඛතම සන්නාමය ලෙස BYD අඛණ්ඩව ඉදිරියට
BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) මෙරට අලුත් වාහන වෙළඳපොලේ අංක 1 සන්නාමය බවට පත්ව ඇත. මෙය ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහනය සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරයි. මීට වසරකට පෙර වාහන ආනයනය නැවත ආරම්භ වූ දා සිට BYD වේගයෙන් වෙළඳපොළ ප්‍රමුඛයා බවට පත් විය. එය මේ වන […]
Sunshine Foundation for Good, 2026 වසරටත් පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය සඳහා අඛණ්ඩව සහාය දක්වයි
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (Sunshine Foundation for Good-SFG) තෝරාගත් පාසල්වල දරු දැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමට 4වන වරටත් තෑගි වවුචර් ලබා දීමෙන් අධ්‍යාපනය සඳහා සමාගමේ අඛණ්ඩ කැපවීම නැවතත් අවධාරණය කර ඇත. ඒ අනුව මේ වසරේදී මෙම වැඩසටහන හරහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මෙහෙයුම් ඒකක […]
විශ්‍රාමික රාජ්‍ය සේවකයන් විසින් වාර්ෂිකව ලබාදිය යුතු ජීවදත්ත සහතිකය ඇඟිලි සලකුණ භාවිතයෙන් ලබාදීමට DFCC බැංකුව හරහා අවස්ථාව
DFCC බැංකුව, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ‘ගරුසරු’ බැංකු සේවාව යටතේ, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා එක්ව විශ්‍රාමික රාජ්‍ය සේවකයින් සඳහා සුවිශේෂී පහසුකමක් හඳුන්වා දී ඇත. ඒ අනුව, සුදුසුකම් ලත් රජයේ විශ්‍රාමිකයින්ට තමන්ගේ වාර්ෂිකව ලබාදිය යුතු ජීවදත්ත සහතිකය දිවයින පුරා පිහිටි තෝරාගත් DFCC බැංකු ශාඛා 50ක් හරහා තම ඇඟිලි සලකුණ භාවිතයෙන් පහසුවෙන් ලබා දිය හැකිය. මෙම […]
සම්පත් බැංකුවේ ‘සම්පත් සවිය’ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනෙන්, ලාංකේය දිරිය කතුන්ගේ ව්‍යවසායක සිහිනය යථාර්ථයක් වෙයි
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමේ ගමන් මගෙහි තවත් වැදගත් කඩඉමක් ලෙස, සම්පත් බැංකුව විසින් ක්‍රියාත්මක කරන ‘සම්පත් සවිය’ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන යටතේ, කාන්තාවන් 200ක් දිරිය ව්‍යවසායිකාවන් ලෙස සවිබල ගැන්වීම සඳහා පැවැත්වූ ඇගයීම් වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. දිවයින පුරා කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යවසායන් හඳුනාගෙන, ඒවාට අවශ්‍ය මාර්ගෝපදේශනය සහ සහාය […]
John Keells Properties 2025 ව්‍යාපාරික සහ ආයෝජන සමුළුවේ නිල දේපළ වෙළෙඳාම් සහකරු ලෙස ලංකා බිස්නස් ටීවී සමඟ අත්වැල් බැඳගනී.
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයා වන John Keells Properties, පසුගියදා පැවැති “ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව 2025 – ගම්පහ” (Business & Investment Summit 2025) වැඩසටහන සඳහා නිල දේපළ වෙළෙඳාම් සහකරු ලෙස ලංකා බිස්නස් ටීවී (LBTV) සමඟ එක් විය. පසුගිය දෙසැම්බර් 13 වන දින කලගෙඩිහේන Glasgow හෝටලයේදී පැවැත්වුණු මෙම සමුළුවට මූල්‍ය, ව්‍යවසායකත්ව සහ නියාමන ක්ෂේත්‍රවල ප්‍රවීණයන් […]
Prime Lands Residencies PLC තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් The Colombo Border ව්‍යාපෘතියේ Tower Cosmos හි ව්‍යුහාත්මක ඉදිකිරීම් අවසන් කරයි
Prime Lands Residencies PLC සමාගමේ The Colombo Border සංවර්ධන ව්‍යාපෘතියට අයත් නේවාසික කුලුනු තුනෙන් එකක් වන Tower Cosmos හි උපරි ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් පසුගියදා අවසන් විය. මෙය එම ව්‍යාපෘතියේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. මහල් 20 කින් යුත් මෙම කුලුනේ ඉදිකිරීම් කටයුතු මෙලෙස සැලසුම් කළ කාලයටත් පෙර නිම කිරීම, නියමිත කාලසීමාව තුළ ව්‍යාපෘති අවසන් කර […]
