KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල අතරින් ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි. උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ සිදු කරන මෙම කාලාන්තර ආයතනික සමාලෝචනය විශ්ව විද්‍යාල තක්සේරු කිරීමට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වඩාත්ම සවිස්තරාත්මක […]

ලෝක සෞඛ්‍ය සේවාවට ශ්‍රී ලංකාවෙන් ගෝලීය හෙද වෘත්තිකයන් බිහි කළ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහගේ දැක්ම

ලෝකයම මේ වන විට හෙද වෘත්තිකයන් මිලියන 15කට අධික හිඟයකට මුහුණ දෙමින් සිටින අතර වයස්ගත ජනගහණය, ඉහළ යන සෞඛ්‍ය අවශ්‍යතා, සෞඛ්‍ය සේවා ක්‍රමවේදවල වේගවත් වෙනස්කම් සහ මානව සම්පත් හිඟය හේතුවෙන් ගෝලීය සෞඛ්‍ය පද්ධති දැඩි අභියෝගයකට ලක් වී තිබේ. එවැනි ගෝලීය අර්බුදයක් මතු වීමට බොහෝ කලකට පෙර සිට ශ්‍රී ලංකාව ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයට දායක වන ප්‍රමුඛ […]

British Council භාෂා තත්වයන්ට සංවේදී අධ්‍යාපන පද්ධති ස්ථාපිත කිරීමේ වැදගත්කම පෙන්වා දෙන පත්‍රිකාවක් එළිදක්වයි 

British Council විසින් මෑතකදී අධ්‍යාපනය තුළ භාෂාවේ භූමිකාව සම්බන්ධයෙන් විශේෂ පත්‍රිකාවක් ගෝලීය මට්ටමින් ප්‍රකාශයට පත්කරන ලදි. එහි අරමුණ වන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ භාෂා භාවිතාවන් සම්බන්ධ සැබෑ තත්වයන් පිළිබිඹු කරන අතරම සමානාත්මතාව සහිත, කාටත් විවෘත, කාර්යක්ෂම අධ්‍යාපන ක්‍රමවේදයන් ස්ථාපිත කිරීමේ වැදගත්කම පෙන්වා දීමය. භාෂාමය විවිධත්වයේ මෙන්ම සන්දර්භය අනුව තීරණ ගැනීමේ වැදගත්කම අවධාරණය කරන අතරම ගෝලීය වශයෙන් ඉංග්‍රීසි […]

LPL තරඟාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ වෙබ් අඩවිය ඇරඹේ

2026, කොළඹ , ශ්‍රී ලංකාව – 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලිය තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා විදේශීය ක්‍රිකට් තරු රැසක් එක් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG සමූහය විශ්වාසය පල කර සිටියි.  එම තරඟාවලිය සඳහා එක් වීමට කැමති විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සඳහා වන වෙබ් අඩවිය පසුගිය (8) දා […]

City of Dreams Sri Lanka හි Nüwa අභිමානවත් 5-Star තත්වය හිමි කර ගනියි

සියලු පහසුකම්වලින් සපිරි දකූණු ආසියාවේ පළමු ඒකාබද්ධ සුඛෝපභෝගී ගමනාන්තය වන City of Dreams Sri Lanka හි ප්‍රථම සුඛෝපභෝගී හෝටලය වන Nüwa පසුගියදා සිය ගමනේ තවත් සුවිශේෂී පියවරක් සනිටුහන් කිරීමට සමත් විය. ඒ ලොව පිළිගත් 5-Star පිළිගැනීම තමන් සතු කර ගනිමිනි. එම සුවිශේෂී කඩඉම සැමරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් හා උත්සවයක් සංවිධානය කරමින් කලාපයේ ප්‍රමුඛතම සුඛෝපභෝගී […]

2026 දීත් ලාංකිකයන්ගෙන් 22%ක් දරිද්‍රතා මට්ටමින් පහළ ඇයි?

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රවේ විදායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න සමඟ සංවාදයක ඇසුරින් සකස් කළ ලිපියකි. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් පසු යම් ස්ථායීතාවක් ලබාගෙන ඇති බව පෙනුණත්, එහි ප්‍රතිලාභ ජනතාවගේ දෛනික ජීවිතයට සම්පූර්ණයෙන්ම ගලා නොයෑම අද රට මුහුණ දෙන ප්‍රධාන අභියෝගයකි. විශේෂයෙන්ම 2026 වන විටත් ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් දරිද්‍රතාවයට යටත් වී සිටීම, ආර්ථික වර්ධනය හා සමාජ […]

ACAP සමාගම ක්‍රමෝපායික ව්‍යාපාර පරිවර්තනයක් සමඟින් ශ්‍රී ලංකාවේ ආයෝජන තවදුරටත් ශක්තිමත් කිරීමට සැරසෙයි 

ACAP Stockbrokers (පුද්.) සමාගම මේ වන විට Stallion Consultancy සමාගමේ භාරකාරීත්වය යටතේ සිය ආයතනික ගමන් මඟේ නව අදියරක් වෙත පිවිසෙමින් සිටී. ඒ සේවාදායකයන් මූලික කරගත් ආයෝජන උපදේශන සම්ප්‍රදායේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරමිනි.  මේ සම්බන්ධ විශේෂ මාධ්‍ය හමුවක් 2026 මැයි 05 දින පැවැත්වුණු අතර, එහිදී ACAP Stockbrokers (පුද්.) සමාගමේ නව සන්නාම අනන්‍යතාව අනාවරණය කරන ලදි. […]

ටෝකියෝ සිමෙන්ති සමූහයේ ‘ඉවුරු රකින පවුරු’ 2026 අදියරට නවසීලන්ත රග්බි කණ්ඩායමේ සවිය

ටෝකියෝ සිමෙන්ති සමූහය, මහවැලි අධිකාරිය සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක කෙරෙන ඉවුරු රකින පවුරු පැල සිටුවීමේ ව්‍යාපෘතියේ 2026 අදියර, සංචාරක නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු රග්බි කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් නොබෝදා මහනුවර පොල්ගොල්ල වේල්ල අසලදී දියත් කරන ලදී. මහවැලි ගං ඉවුරු ප්‍රතිස්ථාපන සඳහා වන තිරසාර කැපවීම සනිටුහන් කරමින් එහි ඉවුර දිගේ කුඹුක් පැළ 100 ක් සිටුවීමට සංවිධානය කල […]

“AHK Sri Lanka Oktoberfest by Fairway” සඳහා AHK ශ්‍රී ලංකා සහ Fairway Holdings අත්වැල් බැඳගනී

මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Fairway Holdings සමූහයට අයත් ‘F Entertainment’ ආයතනය විසින් ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර සංස්කෘතික සබඳතා තවදුරටත් සවිමත් කිරීමේ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් , ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (AHK Sri Lanka) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. ඒ අනුව, සැබෑ ජර්මානු අත්දැකීමක් සමීප කරවන Oktoberfest උත්සවයක් ශ්‍රී ලංකාවේ […]

ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ZKTOR හි දකුණු ආසියානු අභිලාෂ උරගා බලන තීරණාත්මක සාධකයක් වේ

කලාපීය වශයෙන් ස්ථාවර සමාජ මාධ්‍ය ගමන් මගක නිරත, ඉදිරිගාමී platform එකක් වන ZKTOR, මේ වන විට මුළුමනින්ම දේශීයකරණය වූ ප්‍රචාරණ යාන්ත්‍රණයත් සමගින්, දකුණු ආසියානු කලාපයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්හි, රැකියාවන්හි නිරත තරුණ පිරිසගේ හා ඩිජිටල් නිර්මාණකරුවන්ගේද පිළිගැනීම ලැබ සාර්ථක වර්ධනයක් අත්පත් කරගනිමින් තිබේ.  දකුණු ආසියානු ගමන්මග තුළ ZKTOR හි ශ්‍රී ලංකා ආගමනය සමාජ මාධ්‍ය ව්‍යාප්තියේ තවත් […]